2024/02/22 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 22, 2024

 

ඉර උදාව පෙ.ව. 06.26
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය දවල් 12.24 - 01.54
සුබ දිශාව – උතුර

 

මේෂ

වගකීම් බහුල කරයි. වැඩිහිටියකු සමඟ සිත්තැවුලකට මුල පිරේ. වෙනදාට වඩා නුරුස්සන ගතියකින් කටයුතු සිදු කරයි. ඇවිදිලි වැඩි කරන දිනයකි.

වෘෂභ

නිතර අලංකාරයට සිත ඇදී යන බවක් පෙනේ. ගනුදෙනුවලදී කල්පනාකාරි වන්න. අලුත් හිතුමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

ශාරීරික වෙහෙස මහන්සියට කටයුතු උදා කරයි. ගේ දොර අඩුපාඩුකම් කීපයක් ඇතිවීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි. මුදල් වියදම් වැඩි කරන දිනයකි.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. අලුත් ඥාතිමිත්‍රාදීන් දැනහඳුනා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

වෙනදාට වඩා දුර දිග සිතා බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. සිත්කලකිරීම් බහුල වන බවක් පෙනේ. අමතර කටයුතුවලට බාධා ගෙන දෙන දිනයකි.

කන්‍යා

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. නොගැලපෙන ඇසුරකට සිත යොමු කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි.

තුලා

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු කරන දිනයකි. නිකරුනේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ.

වෘශ්චික

ශරීර වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. ප්‍රමාද වූ ගනුදෙනුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වරින්වර යටිබඩ ආශි‍්‍රත ආබාධයකින් පීඩා විදී.

ධනු

පැවැති වෙහෙසකාරි බව මඟහැරී යයි. මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

මකර

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන දිනයකි. නිතර නිවෙසින් බැහැරව යෙදෙන කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ දානමය වැඩසටහනකට සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යන බවක් පෙනේ. ගේ දොර කටයුතුවල අපිළිවෙලක් ඇති කරයි. පපුව ආශි‍්‍රත ආබාධ පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා විදින දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.