2024/02/09 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 9, 2024

 

ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.21
රාහු කාලය – උදේ 10.56 -12.25
සුබ දිසාව – දකුණ

 

මේෂ

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනේ. ප්‍රසිද්ධියට කරුණු සැලසෙයි. ආගමික නායකයන්ගේ පිහිට පතා දුර පළාතකට යන දිනයකි.

වෘෂභ

දුර ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. යටපත් වූ වාතවේදනාවක් නැවත මතුවිය හැකියි. අලුත් සැලසුම් කීපයකට අත ගසන දිනයකි.

වෘෂභ

හදිසි ආදායමකට සැලසුමක් ඇති කර ගනී. විශේෂ හිතවත්කමකට මග සැලසෙන බවක් පෙනේ. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් සකස්කර ගන්නා දිනයකි.

කටක

නොගැලපෙන ඇසුරකට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

සිංහ

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. සිතට පී‍්‍රතිය ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. මූත්‍රගත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ.

කන්‍යා

ලිපි ලේඛන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර දුරගමන් බහුල කරන බවක් පෙනේ.

තුලා

අඹුසැමි සුහදතාවයකට බාධා කරන දිනයකි. හදිසි සිත් අමනාපකම්වලට මුල පිරෙන බවක් පෙනේ. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. අන් අයගේ උපදෙස් මත කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන දිනයකි.

ධනු

වරින්වර ඇතිකරන උදාසීන ගතිපැවැතුම් හේතුවෙන් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. එදිනෙදා කටයුතු අධික කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි.

මකර

වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදුණත් සැලසුම් සහගත ලෙස ඒවාට මුහුණදෙන බවක් පෙනේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. කලබලකාරි ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

මීන

පවුලේ කටයුතු කීපයක් ප්‍රමාද කරයි. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ. වරින්වර ආගමික සහන පතන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.