2023.11.25 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 25, 2023

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 05.50

රාහු කාලය - උදේ - 9.00 - 10.29

සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල කරන දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

වෘෂභ

දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ගෘහ ජීවිතයේ ගැටලු කීපයක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

මිථුන

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතු කරන දිනයකි.

කටක

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.

සිංහ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. උදරයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

විශේෂ වරප්‍රසාද කීපයකට කටයුතු සැලසේ. සම්මාන සැලකිලි හිමි කරන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි. උරහිස ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි.

තුලා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොකරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකීපයක් මතු කරයි. නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදාකරයි.

ධනු

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන දිනයකි. පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරන කටයුතු කීපයක් යෙදේ.

මකර

වෙනදාට වඩා මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තීරණ ගැනීමේ දී කල්පනාකාරී විය යුතු දිනයකි.

කුම්භ

විශේෂ වගකීමක් තමාපිට පැවරීමට ඉඩ ඇත. අලුත් රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මීන

පැවැති පීඩාකාරී බව මඟහැරී යන බවක් පෙනේ. හිතවතකුගේ සහය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ අය අතර සහයෝගය උදා කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.