2023.11.21 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 20, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දහවල් 02.53 - 04.22
සුබ දිශාව - දකුණ

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා වෙයි. ඥාති හිතවත්කම් අලුත්වන කරුණු කීපයක් සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

වෘෂභ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

ගේ දොර කටයුතුවල අපිළිවලක් දැකිය හැකි බවක් පෙනේ. නිතර පොත් පත් කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. බලාපොරොත්තුවක් බිඳ වැටීමට ඉඩ ඇති ලකුණු පෙන්නුම් කරයි.

කටක

සිතේ චංචලබවකින් කටයුතු සිදුකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන කරුණු කීපයක් සිදුකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදාකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට හෝ මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘශ්චික

නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

මකර

අමතර ආදායම් මාර්ගවලට ඉඩ සැලසෙන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. ක්ලාන්ත ගතියක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

කුම්භ

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. රැකියා බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.

මීන

ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්කරයි. පැරැණි ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.