2023.11.06 සඳුදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 6, 2023

ඉර උදාව – පෙ.ව. 05.59
ඉර බැසීම – ප.ව. 05.50
රාහු කාලය – උදේ 07.27 - 08.57
සුබ දිශාව – උතුර

මේෂ

පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. යටපත් වූ පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන දිනයකි. විශ්වාසය බිඳවැටීමකින් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

වෘෂභ

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

මිථුන

පවුලේ දානමය වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සමාජීය කටයුතුවලට වෙහෙසෙන දිනයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. හදිසි ආදායම් මාර්ගයකට හිමිකම් ඇති කරයි.

කටක

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථථාව උදා කරයි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. විනෝදයට බරව කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. අමතර ගමන් බහුල කරන දිනයකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා විමසිල්ලෙන් පසුවන්න. එමෙන්ම නොසිතූ පාඩුවක් සිදු වීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා කල්පනාවෙන් පසුවන්න.

කන්‍ය

අලුත් කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසෙන දිනයකි. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි කැපීම් කෙටීම් වැනි සුළු සුළු ආබාධ ඇති විය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. හිතවත් කෙනකුගේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. තම තත්ත්වය උසස් කර ගැනීමට මඟ සැලසෙන දිනයකි.

වෘශ්චික

සිත්තැවුල් මෙන්ම කණගාටුවට ද කරුණු ඇති කරයි. ලාභ ප්‍රයෝජන අඩු දවසකි.

තමා අතින් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. තුවාල හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමක් පවතින දිනයකි.

ධනු

ස්ථිර අදහස් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. නිතර සිතට දුක් සහිත බවක් ඇති කරයි. කෑම බීම නියම වේලාවට නොලැබීමෙන් පපුවේ දැවිලි ගතියක් ඇතිවීමට ඉඩ ඇත. අන් අය කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරයි.

මකර

ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. පවුලේ අය අතර, කැපී පෙනෙන බවක් පෙනේ. අවිවාහයකයන්ට සුබදායකයි. සමාජ ආශ්‍රයට පෙළඹෙන දිනයකි.

කුම්භ

අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ගේ දොර කටයුතුවලින් සිතට සැනසීමක් හිමිකරයි. අමතර ආදායම් මාර්ගවලට ඉඩකඩ සැලසෙන බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

මීන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අධ්‍යාපන ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.