වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2023.11.01 බදාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.51
රාහු කාලය - දහවල් 11.54 - 01.24
සුබ දිශාව - දකුණ
මේෂ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ කරයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. පවුලේ සමඟියට කටයුතු සැලසෙන බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.
මිථුන
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.
කටක
සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. නිකරුණේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. පාඩු සිදුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය කරන දිනයකි.
කන්‍යා
අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. නිතර පොත්පත් වැඩ කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි.
තුලා
ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැපකිරීමට සිදුවේ. නිතර ප්‍රශංසා හිමිකරන දිනයකි.
වෘශ්චික
නැති වූ දෙයක් නැවත හිමිකරයි. හිතුමතයට කටයුතු කරන බවක් පෙනේ. ගේ දොර සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
ධනු
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න.
මකර
ගේ දොර සැලසුමක් වෙනස් කරන දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.
කුම්භ
පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. වෙනදාට වඩා කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ.
මීන
සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි. සිතට පී‍්‍රතිය ගෙනදෙන කරුණු කීපයක් සිදුකරයි.
ධම්මිකා රාජපක්ෂ