2023.10.31 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 31, 2023

ඉර උදාව – පෙ.ව. 05.58
ඉර බැසීම – ප.ව. 05.51
රාහු කාලය – දහවල් 02.52 - 04.22
සුබ දිශාව – නැඟෙනහිර

මේෂ

අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ. පැවැති ආදායම් මාර්ග කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වගකීම් බහුලවන දිනයකි.

වෘෂභ

රැකි රක්ෂා කටයුතු පිළිබඳ සුබදායක දිනයකි. තනතුරු ලාභ උසස්වීම් බලාපොරොත්තු වන අයට යහපත් බවක් පෙනේ. ආගම දහමට සිත ඇදී යයි.

මිථුන

තම අදහස් අනුවම කටයුතු කිරීමට සිතනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන ගමන් කටයුතු උදා කරයි. විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට කරුණු යෙදේ.

කටක

මතභේදයකට තුඩු දෙන කරුණු කීපයක් ඇති කරයි. හොඳක් කළත් එයින් හොඳ නමක් ඇසීමට නොහැකි වේ. නිකරුනේ චෝදනාවකට ලක්වීමට සිදුවන දිනයකි.

සිංහ

සිතේ නොසන්සුන් බවක් ඇති කරයි. යොදාගත් කටයුතුවලට විවිධ බාධා පැන නැඟීමට ඉඩ ඇත. සැලසුම් කීපයක් වෙනස් කරන දිනයකි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුකරයි.

කන්‍යා

අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවෙයි. සිත් අමනාපයකට මුල පිරෙන දිනයකි.

තුලා

ගෞරවය, පිළිගැනීම අඩුව යන දිනයකි. වංචා රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

වෘශ්චික

ගේ දොර කටයුතුවලට යම් යම් බාධාගෙන දෙන බවක් පෙනේ. ස්ථාන වෙනසකට ඉඩකඩ ඇති දිනයකි. පපුවේ සෙම් ගතියක් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් පසුවන්න.

ධනු

දුර ගමනක් යෙදෙන දිනයකි. අන් අයගේ සහයෝගයෙන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

මකර

උත්සාහය, උනන්දුව ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. ගේ දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් අත් කරයි. අමතර වියදම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවක් විසඳී යන දිනයකි.

කුම්භ

ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. මුදල් ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙන දිනයකි.

මීන

අලුත් පිරිසක් ඇසුරට කටයුතු උදා කරයි. හිතවත් අයෙක් තමා සොයා ගෙන එන බවක් පෙනේ. අතමිට සරුකරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. නීති කටයුත්තකින් නිදහස උදා කරයි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.