2023.10.30 සඳුදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 30, 2023

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.51
රාහු කාලය - උදේ 07.27 - 08.56
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. පියපස ඥාතියකු සමඟ සිත්තැවුලක් ඇති කර ගන්නා බවක් පෙනේ. නිතර ඇවිදිලි වැඩි කරන දිනයකි. දරුවකුගේ හිතසුව පිණිස කටයුතු කීපයක් සිදුකරයි.

වෘෂභ

සැප පහසුව ඇතිව කටයුතුª කිරීමට සිදුවන දිනයකි. තම රූපය මෙන්ම බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හදිසි තීරණයක් වෙනස් කිරීමට කටයුතු සැලසේ.

මිථුන

නිතර කතාවට කැමැති දිනයකි. පවුලේ අය අතරර සුහදතාවයට හේතු ඇති කරයි. එහෙත් වංචාවකට හසුවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

කටක

සැප පහසුවට කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. මෙතෙක් පැවැති සතුරු කරදරයකින් නිදහස අත්කරයි. ආගමික වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන දිනයකි.

සිංහ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.

කන්‍යා

ගතට සිතට සැනසිල්ල අඩු කරයි. යොදාගත් සැලසුමකට බාධාගෙන දෙන බවක් පෙනේ. ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න.

තුලා

අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් දවස ගත කරන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

වෘශ්චික

අසල්වැසි සිත් අමනාපයකට හේතු ඇති කරයි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.අවිවාහකයන්ට යහපත්වන අතර විවාහ යෝජනාවකට මඟ සැලසෙන බවක් පෙනේ.

ධනු

දරුවන්ගේ කටයුතු සම්බන්ධ වෙහෙසීමට සිදුවන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර පක්ෂය හා එකතුව කටයුතු කීපයක් කර ගැනීමට මඟ සැලසේ.

මකර

පවුලේ සතුටට බාධාවන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. හිතවත් අයකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය වන අන්දමේ ගැටලු කීපයක් මතු කරයි.

කුම්භ

නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. එමෙන්ම හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද මුහුණපෑමට සිදුවෙයි. දරුවකුගේ උපකාරයෙන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

මීන

වගකීම් බහුල කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.