2023.09.15 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 14, 2023

ඉර උදාව පෙ.ව. 06.01
ඉර බැසීම ප.ව. 06.11
රාහු කාලය උදේ 10.34 -12.06
සුබ දිශාව – දකුණ

මේෂ

විශේෂ සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි.

වෘෂභ

අමතර වියදම් බහුල කරයි. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායක දිනයකි. වාහන ගමන් අධික වන බවක් පෙන්නුම් කරයි. සුළු සුළු ලාබ හිමිවන මාර්ග කීපයකට අතගසයි.

මිථුන

පියපස ඥාතියකු පිළිබඳ වෙහෙසීමට සිදු වන දිනයකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

කටක

ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධිය හිමි කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ශරීර වෙහෙස ගෙන දෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

සිංහ

මෙතෙක් පීඩා ගෙන දුන් ගැටලු කීපයකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. යටපත් වූ උගුර ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවිය හැකිය. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන්ද පරිස්සම් විය යුතු දිනයකි.

කන්‍යා

පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි. දුර ගමනක් හේතුවෙන් ශාරීරික වෙහෙස ඇති කරයි.

තුලා

වෙනදාට වඩා බැඳීම් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට ද හිමිකම් ඇති කරයි. නැතිවීම් පාඩුවීම් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් පවුලේ ගැටලු කීපයක් මතු කරයි. නිතර පොත්පත් ලිපිලේඛණ ගැටලු මතුවීමට ඉඩ ඇත. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි දිනයකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

ධනු

පැවැති වෙහෙසකාරි බව මඟ හැරී යයි. නිතර දරුවන් පිළිබඳ සොයා බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදෙන දිනයකි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

මකර

වෙනදාට වඩා ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදු වෙයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. ගේ දොර උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන බවක් පෙනේ.

කුම්භ

යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. නිතර වැය පස අධික කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ සමඟියට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වංචා සහගත කටයුතු කීපයකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

මීන

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව සැලසුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවන දිනයකි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.