2023.09.13 බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 12, 2023

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.12
රාහු කාලය - දවල් 12.06 - 01.38
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. අසල්වාසීන් හා ඇසුරේ දී කල්පනාකාරී වන්න. දුරගමනක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙලක් වෙනස් කිරීමට සිදුවේ.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. අමතර වාසි ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් පෙනේ. හදිසි ණය මුදලක් හිමි වන දිනයකි. ගේ දොර කටයුතු කෙරෙහි විශේෂ වෙහෙසීම් සිදුකරන බවක් පෙනේ.

කටක

අනාගත සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. වෙනදාට වඩා ඇසුරු කරන අය අතර කැපී පෙනෙන දිනයකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වන බවක් පෙනේ.

සිංහ

අවිවේකී ලෙස දවස උදා වෙයි. පවුලේ කෙනකු නිසා ඉඩම් ආරවුලක් දුරදිග යයි. ඥාතීන් සමඟ සිදු වන බහින්බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇත. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

කන්‍යා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගමන් බිමන් අධික කරයි. වගකීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු සැලසේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. අමතර වාසි සැලසෙන මාර්ග කීපයක් හිමිකරයි. නිතර විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදාකරයි.

වෘශ්චික

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

ධනු

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. නිතර තමාට ප්‍රශංසා හිමිකරන දිනයකි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක වීමට ඉඩ ඇත.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. රැකියාවේ වගකීම් බහුල වන දිනයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විවාහ ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

කුම්භ

නිතර ශාරීරික වෙහෙසීම් අධික කරන බවක් පෙනේ. සහෝදර සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර සිතේ චංචල බවකින් කටයුතු කිරීමට සිදුවෙයි. සමාජ සේවා කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරන දිනයකි.

මීන

අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ණය ගනුදෙනුවක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර ඇතිවන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.