2023.09.12 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 12, 2023

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.13
රාහු කාලය සවස - 03.10 - 04.42
සුබ දිශාව - උතුර

මේෂ

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. හදිසි ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මිථුන

ලැබීම් අතින් යහපත් කරයි. හදිසි දේපළ ලැබීමකට ද හිමිකම් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස සැලසෙන දිනයකි. වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

කටක

ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. නිතර හිතවතුන් වෙනුවෙන් උපකාර කිරීමට පෙළඹෙන දිනයකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. පපුව ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳින දිනයකි.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. දරුවකු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

කන්‍යා

තීන්දු තීරණ වෙනස් කිරීමට සිදුවන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන බවක් පෙනේ.

තුලා

නීති කටයුතුවලින් සහන උදාකරයි. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු උදාකරන බවක් පෙනේ. අලුත් රැකියා ලාබ හිමිකම් ඇති දිනයකි. විදෙස් හිතවතකුගේ උපකාරයක් හිමිකරයි. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

වෘශ්චික

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

ධනු

සහෝදර සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි දිනයකි. වරින් වර හට ගන්නා හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

මකර

අතමිට සරු වූවත් වැයපස අධික වන දිනයකි. පොරොන්දු ගිවිසුමක් වෙනස්කිරීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. තමාසතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු සම්බන්ධව සැලකිලිමත් වන්න. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගන්නා බවක් පෙනේ.

කුම්භ

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. තමා හමුවට එන යන කෙනකු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

මීන

ගතට සිතට සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. නිතර හට ගන්නා පපුව ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.