2023.09.11 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 10, 2023

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව.06.13
රාහු කාලය - උදේ 07.33- 09.05
සුබ දිශාව - උතුර

මේෂ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. හදිසි ගමන් කීපයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භයට හේතු යෙදෙනු ඇත.

වෘෂභ

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදා කරයි. නොසිතූ ලෙස ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

මිථුන

වෙනදාට වඩා කැපී පෙනෙන දිනයකි. අඹු සැමි සුහදතාවයට කරුණු උදාකරයි. නිතර දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට හේතු ඇති කරයි.

කටක

අලුත් බලාපොරොත්තු ඇති කරමින් දවස උදාකරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් කීපයක් හිමිකරයි.

සිංහ

සැලසුම් කීපයක් සාර්ථක කරන දිනයකි. වෙනදාට වඩා පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කන්‍යා

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් ඥාති සබඳතාවයකට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. හදිසි ලැබීම්වලට හිමිකම් ඇති දිනයකි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයන් නැවත මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

තුලා

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන දිනයකි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුකරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ.

වෘශ්චික

විශේෂ සැලසුමකට කටයුතු සූදානම් වන ලකුණු පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් ගැටලු කීපයකට මුහුණපායි. දේපළ සම්බන්ධ මතභේදයකට තුඩුදෙන කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

ධනු

පැවැති සැනසිලිදායක බව මඟහැරී යන බවක් පෙනේ. නිතර පොත් පත් ලිපි ලේඛන කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර ඇතිවන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර පතයි. කෑම බීම කෙරෙහි සැලකිලිමත් විය යුතු දිනයකි.

මකර

හදිසි මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පවුලේ අය අතර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකිය. අමතර මුදල් ඉපයීම් කෙරෙහි වෙහෙසෙන දිනයකි.

කුම්භ

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. තරග විභාග කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. උදරය සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.