2023.09.05 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 5, 2023

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.16
රාහු කාලය - සවස 03.12 - 04.44
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. වරින් වර හට ගන්නා අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගනී. නිතර සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් තුළින් අඩුපාඩු කීපයක් සපුරා ගනී.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. උසස් අය වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දුරදිග නොබලා ගන්නා තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

මිථුන

නිතර බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන සතියකි. ප්‍රභූන් හා ඇසුරෙන් තමාට ප්‍රශංසා හිමිකරයි. නිකරුණේ කරන වියදම් වැඩිකරන දිනයකි. අලංකාර දේ මිලයට ගැනීමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපනයට මාර්ග උදාකරයි.

කටක

අවිවේකී වුවත් වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍ර‍්‍රශංසා හිමිකරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන සතියකි.

සිංහ

වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ආහාර විෂවීමක් හෝ වමනය, ක්ලාන්තය වැනි අසනීපකාරී බවක් මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වේ.

කන්‍යා

ආදායම් තත්ත්වයය යහපත් අතට හැරුණත් වැයපස අධික කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

තුලා

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් පාඩු කීපයක් ඇති කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. උදරගත ආබාධයකට හේතු ඇති කරයි.

වෘශ්චික

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන දිනයකි. නිතර පවුලේ අය සමඟ නොසන්සුන්කාරී ලෙස කටයුතු කරයි. පපුව සම්බන්ධ හදිසි පරීක්ෂාවකට ද භාජනය වීමට සිදුවන බවක් පෙනේ. එදිනෙදා කටයුතු සම්බන්ධ කල්පනාවෙන් පසුවිය යුතු දිනයකි.

ධනු

ගතට සිතට නොසන්සුන්කාරී බවක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

මකර

වියදම් අධික වන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. විශේෂ වැඩසටහනකට සහභාගිවීමට කටයුතු උදාකරයි.

කුම්භ

ශාස්ත්‍රීය කටයුත්තක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

මීන

හදිසි ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. රුධිරගත සීනි මට්ටමේ වෙනසක් සිදුවිය හැකි දිනයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.