2023.09.01 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 1, 2023
ඉර උදාව - පෙ.ව. 06.03 
ඉර බැසීම - ප.ව. 06.18 
රාහු කාලය - උදේ 10.38 - 12.11 දක්වා 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
නිතර අවිවේකී බවක් ඇති කරයි. මනසට පීඩාකාරී සිතිවිලි හේතුවෙන් පීඩාවිඳීමට සිදුවේ. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ. මවගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවන දිනයකි. 
 
වෘෂභ 
අතමිට සරුකරන ආදායම් මාර්ග කීපයක් හිමිකරයි. හදිසි ගනුදෙනුවකට ද අවස්ථාව උදාකරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි. 
 
මිථුන 
අතමිට මුදල් ගැවසෙන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරාගැනීමට කටයුතු උදාකරයි. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර කෑම බීම ගැන ද සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
 
කටක 
ලැබීම් අතින් යහපත් දිනයකි. ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවේ. තම නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා පී‍්‍රතියෙන් කටයුතු කරන බවක් පෙනේ. 
 
සිංහ 
ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධ විය හැකි දිනයකි. නිතර අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙනේ. වරින් වර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. අඹුසැමි මතභේදයකට මුලපිරෙන දිනයකි. 
 
කන්‍යා 
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හිතුමතයට කටයුතු සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන දිනයකි. 
 
තුලා 
වෙනදාට වඩා සිතේ අසහනයෙන් කටයුතු සිදුකරයි. පවුලේ වගකීම් වැඩිකරන දිනයකි. හදිසි අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. 
 
වෘශ්චික 
මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. ඇසුරු කරන අය ගැන වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු දිනයකි. 
 
ධනු 
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. රැකියාව අමතර ආදායම් ලබන මාර්ගයකට අත ගැසීමට හැකිවෙයි. වෙනදාට වඩා උත්සහ වන්තව කටයුතු කරන බවක් පෙනේ.පැවැති මත ගැටුමක් සමතයකට පත්වන ලකුණු පෙනේ. 
 
මකර 
පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි වියදමක් දැරීමට සිදුවන දිනයකි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු දිනයකි. 
 
කුම්භ 
ගේ දොර සැප පහසුව අඩු කරන දිනයකි. නිතර මුදල් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි. 
 
මීන 
අමතර වියදම් බහුල කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් දිනයක් නොවනු ඇත. 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.