2023.08.27 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 26, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 04.48 - 06.21
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

වෙනදාට වඩා සිතට චංචල බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී දුරදිිග සිතා බලන්න. අමතර ආදායම් මාර්ගයකට බාධා ඇතිවන බවක් පෙනේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු කරන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක පුවතක් අසන්න ලැබේ. වාහන ගමන් පිළිබඳ සැළකිලිමත් විය යුතු දිනයකි.

මිථුන

අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙනේ. සහෝදර සිත් අමනාපකමක් දුරදිග යයි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කටක

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. මෙතෙක් පැවැති පවුලේ මතභේදකාරී බවක් මඟහැරී යයි.

සිංහ

උත්සාහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. වරින් වර ගේ දොර පදිංචියෙන් ඈත්ව කටයුතු කිරීමට ද සිදුවෙයි. වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි දිනයක් බැවින් ගනුදෙනු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

කන්‍යා

හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් පාඩු කීපයක් සිදුකරයි. දුර ගමනකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි. හදිසි ලැබීමකට ද හිමිකම් ඇති බවක් පෙනේ. යටපත් වූ අසනීපයක් නැවත මතුකරන දිනයකි.

තුලා

වරින් වර උදාසීන ගතිපැවැතුම් මතු කරන දිනයකි. නිතර හුදකලාව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. පවුලේ කටයුතු කීපයක් මඟහැරී යයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවේ.

වෘශ්චික

වෙනදාට වඩා ගතට සිතට සැහැල්ලු බවක් ඇති කරයි. දරුවකු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. නිතර ආගම දහමට ළැදිව කටයුතු කරන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

ධනු

සැලසුම් කීපයක් සාර්ථක කරයි. හදිසි ගමනක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. රාත්‍රී ගමන් බහුලවන දිනයකි. දරුවන් පිළිබඳ සිත්සතුට කරන පුවතක් අසන්න ලැබේ.

මකර

අවිවේකී ලෙස දවස උදාකරයි. නිතර වාහන ගමන් අධික වන බවක් පෙනේ. වෙනදාට වඩා පැණි රස කෑමට පි‍්‍රයතාවක් දක්වන බවක් පෙනේ. නිතර විනෝදයෙන් දවස ගෙවීමට සිතයි. හිතවතකුගේ උපකාරයක් හිමිවන දිනයකි.

කුම්භ

සැනසිලිදායක බව මඟ හැරී යන දිනයකි. පවුලේ ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. ණය ගනදෙනුවක් පියවා ගැනීමට හැකිවන දිනයකි.

මීන

නිතර උදාසීන ගතිපැවැතුම් ඇති කරයි. පවුලේ සතුට සමාදානයට බාධා වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර මුදල් වැයවන මාර්ග කීපයක් යෙදේ. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.