2023.08.19 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 18, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.24
රාහු කාලය - උදේ 09.09 - 10.42
සුබ දිශාව - දකුණ

මේෂ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයකි. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත. අධික වියදම් ධන හානි ඇති කරයි. රක්තවාත රෝග බඩේ අජීර්ණ රෝග ඇතිවේ.

වෘෂභ
කරදර සිත්තැවුල් ඇතිවේ. ඉක්මනින් කේන්ති යයි. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. වියදම් අධික වේ. ඥාතියකු සමඟ හෝ ඇසුරු කර අයකු සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය.

මිථුන
සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයෙක් මුණ ගැසීම නිසා හිතට පී‍්‍රතියක් ඇතිවේ. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.

කටක
වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන්අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාදවීමට යම් යම් කරුණු යෙදේ.

සිංහ
තම නිදන හෝ හිඳින අසුන සකස්කර ගැනීමට සිදුවේ. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමට ද බලයි.

කන්‍යා
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු දිනයකි. අන් අය හා ආශ්‍රය ගනුදෙනු කිරීම කල්පනාකාරීව කළ යුතු ය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීක ආබාධයකට ඉඩ තිබේ.

තුලා
ආශ්‍රය කරන්නන් ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැළසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාදවෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට ද යොමුවන දිනයකි.

වෘශ්චික
සුළු සුළු වස්තුලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස්කර ගැනීමට සිතයි. අන්අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත.

ධනු
තම ගෞරවයට හානි වන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇති කරයි. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇතිවේ.

මකර
නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. සිතේ ධෛර්යවත්බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත් තැවුල් වැනි දෙයින් සිතේ සිංචල බවක් ඇති කරයි. ජලයෙන් පීඩා ඇති වීමට ද පුළුවන.

කුම්භ
හොඳ ආහාරපාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමට ද අවස්ථාව උදා කරයි. ගෞරවය වැඩිවන අතර දියුණුවටද හේතු යෙදේ.

මීන
පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස් ඉෂ්ඨ කරයි. වෙහෙස මහන්සිවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්ත්වයක් ගැන කතා කිරීමට සිදුවේ.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.