2023.08.18 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 17, 2023

ඉර උදාව – පෙ.ව. 06.05
ඉර බැසීම – ප.ව. 06.25
රාහු කාලය – උදේ 10.42 - 12.15
සුබ දිශාව – නැඟෙනහිර

මේෂ
වියදම් අධික දිනයකි. ඵලක් නැති දෙයට වියදම් කරන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගැනීමට කටයුතු උදාකරයි.

වෘෂභ
ළඟින් ඇසුරු කරන අයකු සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. විසිතුරු දේවල් කෙරෙහි සිත ඇදී යන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායකයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි.

මිථුන
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු යෙදේ.

කන්‍යා
හවුල් කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිවෙසින් බැහැරව කටයුතු කරන බවක් පෙනේ. විශේෂ ගමනකට සම්බන්ධ විය හැකි දිනයකි.

සිංහ
ඉක්මන් කලබලකාරි ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. ආගම දහමට ලැදිව කටයුතු කරන දිනයකි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න.

කන්‍යා
නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. අමතර ඉගෙනීමේ මාර්ග කීපයක් ද ඇති කරයි. රැකියාවේ පැවැති ගැටලුවක් මඟහැරී යයි. වෙනදාට වඩා ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් කටයුතු කරන්න.

තුලා
උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. නිතර ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. පවුලේ අය අතර හොඳ හිත දිනාගන්නා බවක් පෙනේ. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වයි.

වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් උදාකරයි. පවුලේ කෙනකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලුත් රැකියාවක් පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. දුර දිග බලා වැඩකටයුතු කළ යුතු දිනයකි.

ධනු
අවිවේකී ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා තත්ත්වය උසස් කර ගැනීමට සිතන බවක් පෙනේ. හදිසි ගණුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

මකර
හදිසි සැලසුමකට අතගැසීමට සිදුවේ. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරයි. මවුපස ඥාතියකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. පින් දහම් කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන දිනයකි.

කුම්භ
නිතර යෙදෙන ගමන් නිසා යොදාගත් වැඩසටහනක් වෙනස් කිරීමට සිදුවේ. ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. රාත්‍රී ගමන් බහුල වන බවක් පෙනේ.

මීන
පවුලට යන එන කෙනකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පවුලේ කටයුතු පිළිබඳ උනන්දුව අඩුව යන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන දිනයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිවන්න.

ධම්මිකා රාජපක්ෂ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.