2023.08.16 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 15, 2023

ඉර උදාව - 06.05
ඉර බැසීම - 06.25
රාහු කාලය - දවල් 12.15 - 01.48
සුබ දිශාව - උතුර

මේෂ
අවිවේකී ලෙස දවස උදාවෙයි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘෂභ
පවුලේ බැඳීම් වැඩිවන බවක් පෙනේ. සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු කීපයක් සංවිධානය කරයි. සෙම් රෝග බහුල කාලයක් වන බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

මිථුන
අතමිට සරු කරන රැකියා මාර්ගයකට ඉඩකඩ ඇති දිනයකි. නිතර විසිතුරු දේ මිලදී ගැනීමට සිත පෙළඹෙන බවක් පෙනේ. පවුලේ වගකීම් කීපයක් මඟහැරී යන කාලයකි. නීති ගැටලුවකට පැටලීමට ඉඩ ඇත.

කටක
සිතේ පී‍්‍රතියට කරුණු ඇති කරයි. නිතර තම රූපය ගැන වෙහෙසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායක දිනයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

සිංහ
පියපස ඥාතියකු පිළිබඳ සිතට දුකක් ඇති කරන කරුණු කීපයක් අසන්න ලැබේ. අමතර ආදායම් මාර්ගයකට අවහිරතා ඇතිවන බවක් පෙන්නුම් කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු ඇතිකරයි. ශාරීරික වෙහෙසීම් වැඩිකරන දිනයකි.

කන්‍යා
හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. පවුලේ සැනසිල්ල තරමක් දුරට අඩුකර වන බවක් පෙනේ.

තුලා
විවේකය අඩුකරන දිනයකි. දුර ගමන් බහුල කරන බවක් පෙනේ. වරින් වර ඇතිකරන පපුව ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එහෙත් ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින අයට බලාපොරොත්තු නොවූ ලෙස වාසි කීපයක් අත් කරයි.

වෘශ්චික
පවුලේ අය අතර බැඳීම් වැඩිකරන දිනයකි. වරින් වර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. නීති ගැටලුවකින් සහනය ඇති කරයි.

ධනු
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් ද පෙන්නුම් කරයි. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන දිනයකි. කල්ගත වූ ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අවිවාහකයන්ට සුබදායක දිනයකි.

කුම්භ
වගකීම් බහුල කරන දිනයකි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට කටයුතු උදාකරයි. යටපත් වූ වාත අමාරුවක් නැවත මතුවන ලකුණු පෙනේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ පරිස්සම් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මීන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකවන ලකුණු පෙනේ. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් හිතවත්කමකට මඟ සැලසෙන දිනයකි. රැකියාවේ ගැටලුකාරී බවක් මඟ හැරී යන බවක් පෙනේ.

ධම්මිකා රාජපක්ෂ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.