වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සීතල පින්නෙන් මුළු මහත් දික්ගහලෙන කඳු යාය වැසී පැවතියේය. නිශාචර පක්ෂීන් ගේ සහ වනගත මාංශ භක්ෂක සිව්පාවුන්ගේ නාද වරින් වර අසල වන ගහනයෙන් නැගී ආ අතර, ධූරා සමග මහා ගෝරා බළ ඇණිය ඇතුළුව හෙළයේ වීරෝදාර සෙබළුන් දහස් ගණනක් රැකවල් කරමින් සිටි ඒ දැවැන්ත කන්ද...
සිහිල් මන්ද මාරුතය වනගත මහා මාර්ගය ඔස්සේ හමා බසිද්දී, නැගෙනහිර දිග සිට බටහිර දෙසට ගමන් ගත් ඒ සුන්දර මං පෙත ඔස්සේ ගමන් ගත් සුවිශේෂී වූ ප්‍රබල පිරිසක් දිස් වූහ. නැගෙනහිර දිශාව භාර හෙළ සටන් ශූර මහා හර්ෂදේවයෝ, බටහිර දේශයේ ඔටුන්න හිමි කුමරුවා වූ...
සීතල මීදුම් පටලය කෙමෙන් කෙමෙන් තුනී වී යත්ම, උදා හිරු පායා එන බවට දෙන සළකුණක් මෙන් අරුණෝදයේ ළා හිරු රැස් දහරාවන් සෙමෙන් සෙමෙන් මිහි මතට පතිත වන්නට වූයේ ප්‍රදේශයම අමුතුම ජීව ප්‍රාණයකින් නහවා දමමිනි. සුන්දර වූත්, පෞරාණික වූත් දැවැන්ත ගස් වැල් වලින්...
සීතල දිය දහරක් මුහුණට වැදුණු මෂ්පිණ්ඩි සෙමෙන් සෙමෙන් සිය දෙනෙත් විවර කළේය. මුලින් ඔහුට කිසිවක් පෙනී ගියේ නැත. අන්ධකාර ලෝකයක පාවෙන ළා පැහැති ගිනි ගුලි මෙන් ආලෝකයන් එහා මෙහා පා වුණේය. ඒ අතර සෙමෙන් ඇසුණු නුහුරු භාෂාවක කට හඬවල් ඔහුට ඇසී ගියේ...
සිය දෙසවනට හුරු පුරුදු බටහිර කාලවර්ණ දේශයේ භාෂාවෙන් පැහැදිලිව ඇසුණු ඒ තර්ජනාත්මක හඬින් මෂ්පිණ්ඩි භ්‍රාන්ත වී ගියේය. තමාගේ මුව වසා, අයෝමය ග්‍රහණයකින් සිය ගෙල මිරිකාගෙන සිටි අදෘෂ්‍යමාන තැනැත්තා කුමන අන්දමේ අද්භූත අවතාරයක් දැයි මෂ්පිණ්ඩි,...
සීතල සුළඟ සමගින් සන්ධ්‍යා අන්ධකාරය කෙමෙන් කෙමෙන් ප්‍රදේශය ආක්‍රමණය කරද්දී රිදීමැඩිල්ල වෙල් යාය අසබඩ දික්ගහලෙන කඳු මුදුනේ පිහිටි ගල් ගුහාවේ සුවිශේෂී වතාවත් ගණනාවක් සිදු කෙරුණේ පහත පිහිටි සතුරන්ට ඒ ගැන කිසිවක් දැන ගැනීමට ඉඩක් නොතබමිනි. ප්‍රබල...
සියල්ල එපරිද්දෙන් සාමකාමී නැගෙනහිර බලනගිර බළකොටුවේ සිදු වෙද්දී, සිම්ජාත්, ඔහුගේ අනෙක් සගයන් දෙදෙනාත්, සිය බළඇණි කැටුව හැල්මේ ගමන් කරන්නට වූයේ බටහිර දෙසින් ගොඩ බට ඔවුන්ගේ අනෙක් බළ සේනාවන් සමග එක් වීමේ අරමුණෙනි. නැගෙනහිර දෙසින් ගොඩ බට සේනාවට වඩා...
සිසිල් සුළං රැළි දසතින් හමා යද්දී, නැගෙනහිර බලනගිර බළකොටුවේ නංවා තිබූ ධජ පතාක, තේජාන්විත අන්දමින් සෙමෙන් රැළි නංවාලීය. සන්ධ්‍යා සූර්යාලෝකය වැදී ආලෝකමත් වුණු ඒ දැවැන්ත බළකොටුවේ මහා ශාලාවේ ඕවාලාකාර විශාල මේසය අබියස තිබූ කැටයම් සහිත කළුවර දැවයෙන් කළ...
සිය සගයින් බටහිර දිශාව බලා පිටත්ව ගිය පසුව, ජාගෙන් සහ ඔහුගේ විශ්වාසී සේවක ෂෝඩූන්
බොහෝ වේලාවක් අර දිය රෝදය අසලට වී උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් කථා බස් කළහ.ජාගෙන්ගේ හිතෛශී සේවකයා වූ ෂෝඩූන් ද, ඩැන්මාරූ දේශයේ රාජකීයයන් අතර කුඩා කල පටන්ම...
සිය සගයින් කැටුව මහා ජලාශයේ බැම්ම මතට නැගුණු සිම්ජා ඇතුළු සගයින් වටපිට බැලුවේ කරකියා ගන්නට කිසිවක් නොමැති අයුරිනි. සාගරය වැනි මෙවන් මහා ජලාශයක් මෙම කුඩා දිවයින තුළ ඇතැයි ඔවුන් කිසිසේත් නොසිතුවෝය. එසේම මෙවන් වාරි තාක්ෂණයක් හෙළයන් සතුව ඇතැයි ඔවුන්...
සීතල හිමිදිරියේ උදා හිරු කිරණ පොළොව සිපගැනීමටත් පෙර සිම්ජාත්, ඔහුගේ සගයන් තිදෙනාත්, පෙරටු කරගත් මහා බළ සේනාව ගමන් ආරම්භ කළේ හෙළ දේශයේ මධ්‍ය කොටස හරහා ගොස් බටහිර දිශාවෙහි කඳවුරු බැඳගෙන සිටින අනෙක් බළ සේනාවන් ත්‍රිත්වය හා එක්වන්නටය. ඉදිරියෙන්ම ගමන්...
සමනළ කඳු යායේ ධූරාගේ සටන් ගම්මානයේ පටන් ඉහළට වැටුණු තවත් කුඩා මාවතක් විය.
මිහිදුමින් වැසුණූ සීතල කඳුකරයට යොමු වුණු ඒ මාවතේ පියවර දෙසියයක් පමණ ඉහළට ගමන් ගත්පසුව, මාර්ගය විශාල ගල් පර්වතයක කැපූ ගල් පඩි පෙළකට යොමු විය. ශක්තිමත් කළු ගලෙහි මනාව...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960