වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සමනළ කඳු යායේ ධූරාගේ සටන් ගම්මානයේ පටන් ඉහළට වැටුණු තවත් කුඩා මාවතක් විය.
මිහිදුමින් වැසුණූ සීතල කඳුකරයට යොමු වුණු ඒ මාවතේ පියවර දෙසියයක් පමණ ඉහළට ගමන් ගත්පසුව, මාර්ගය විශාල ගල් පර්වතයක කැපූ ගල් පඩි පෙළකට යොමු විය. ශක්තිමත් කළු ගලෙහි මනාව...
සමනළ පව්වට හිරු කිරණ වැටී, තිමිර පටලය මැකී යාමටත් පෙරාතුව, ධූරාගේ ගම්මානය එකම සැණකෙළියක් වී තිබිණ. හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් දෙපළ සිය ඉලක්කය ප්රබලව ජය ගෙන ඒ කඳුකර ගම්මානයට පැමිණියේ මීට සුළු මොහොතකට පෙරය. මුවගෙහි පිරුණු අභිමානවත් සිනාවෙන්...
සිය සගයින් තිදෙනෙකු මරා දැමූ කාළවර්ණ පුද්ගලයින් දෙදෙනා විනාශ කරලීම සඳහා සතුරු සෙබළුන් කෝපයෙන් කෑ ගසමින් ආයුධ අමෝරාගෙන ඉදිරියට පනිද්දී හර්ෂදේවයෝ, සිය අසිපත සුළි සුළඟක් ලෙස සිරුර වටා කරකැවූහ.
ඒ සමගම ඔහු ඉදිරියට වේගයෙන් කඩා පැන්න සතුරු...
සිම්ජාගේ කඳවුරට හොර රහසේ ඇතුළු වී සිතියම ලබා ගැනීමෙන් පසුව හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් ගේ සතුට සීමා රහිත විය. ඒ සිතියම සතුරන්ගෙන් සොරා ගැනීම යනු, එතැනින් ඉදිරියට ඇති ගමන් මාර්ගය මුළුමනින්ම සතුරන් කෙරෙන් සඟවාලීමක් හා සමාන විය.
ඒ සමගම...
සිම්ජාගේ කඳවුරෙහි පැවතියේ වික්ෂිප්ත වූ ස්වභාවයකි. ජයමාලී දේවිය පසුපස හඹා ගිය අශ්වාරෝහක සේනාංකය, හෙළයේ රණ ශූරයන් අතින් සමූල ඝාතනය වීමත්, ඔවුන්ට මග පෙන්වූ ගුප්ත විද්යාධාරියා වූ ගාවුලාගේ මරණයත් නිසා සතුරන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ වී ගියේය....
සබරගමු පුරවරයේ ඒ මහා සමනළ පව්වට හෙළයේ මහා ගෝරාවරුන් සත් කට්ටුව එක්තැන් වූ ඒ අරුණෝදයේ, ධූරාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පෙරදින සටනෙන් දිවි ගලවාගත් සතුරන්ගේ මඟ පෙන්වන්නා වූ ගාවුලා නම් ඇදුරා සියලු විස්තර දැනගෙන ඝාතනය කළ බව ධූරා, ජයමාලී...
සබරගමු අඩවියේ සිද්ධීන් සියල්ල, හෙළයේ රණශූර ගෝරාවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ අසමසම හැකියාවන් හමුවේ, හෙළ ජාතියට වාසි සහගත ආකාරයෙන් එසේ විසඳී යද්දී, සිම්ජාගේ ප්‍රධාන ගුප්ත විද්‍යා ධාරියා වූ මෂ්පිණ්ඩිගේ කූඩාරමේ ඇති වී තිබුණේ ඊට හාත්පසින් වෙනස්...
සීතල අරුණෝදයේ පළමු හිරු රැස් දහර ඒ මහා සමනළ පව්ව සිප ගන්නටත් පෙරාතුව ජයමාලී දේවිය මෙන්ම, ධූරා ගේ ගම්මානයේ සිටි සියලුම දෙනා පිබිදී සිටියහ. බ්‍රහ්ම මුහුර්තිය හෙවත් උදෑසන හතරහමාරටත් කලින් අවදි වීම හෙළ දේශයේ කුඩා දරුවන්ට පවා හුරු වී තිබූ...
සිය මහරජතුමන්, එලෙසින් භද්‍රජෝති ආශ්රමයේ කෙමෙන් කෙමන් සුව අතට පත් වෙද්දී, සබරගමුවේ ගෝරාවරුන්ගේ ගම්මානයේ ඉහළ කොටසේ වූ ධූරාගේ නිවසේ සිටි ජයමාලී දේවිය, ඇයට සකස් කර දුන් සයනයේ නිදි වර්ජිතව එහා මෙහා පෙරළුනාය.
ඇයගේ ආරක්ෂාව පිණිස පැමිණි ධූරාගේ...
සන්සුන් වූත්, සුන්දර වූත් ඒ ළගන්නා සුළු ගම්මානය කරා සිම්ජාත්, ඔහුගේ සගයින් ඇතුළු සේනාවත් පැමිණෙන විට මධ්‍යහ්නයට ආසන්න විය. කිසිදු අවසරයකින් තොරව සතුරු සෙනග එම ගම්මානයේ නිවාස වල දොරවල් හැර දමමින්, වතු වල ඇවිදිමින් සැඟවී සිටි මිනිසුන් සෙවූහ. එහෙත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960