වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
රාහු, කේතු අපලවලට කළයුතු ප්‍රතිකර්ම
සෙනසුරාදා දිනවල සවස 7 පසුවී මුචලින්ද නාගදරනයක් සහිත බුදුරුවක් අභියස මල්පහන් ආදී පුජා ද්‍රව්‍ය පූජාකර තෙරුවන් නමැද තෙරුවන්ගේ ආශීර්වාදය ලබා ගන්න. පසුව බෝධිය අසල පහත අයුරින් නයිපෙනයේ හැඩයට සිටිනසේ බුලත් 09 ක් තබන්න.
නටුව උඩට සිටිනසේ බුලත් 09 තබන්න.
බුලත්මත පස්තෙල් දැමූ ලෝහ පහන් 09 ක් දල්වා තබන්න.
මැදින් නටුව පහළට සිටින සේ වැටකෙයියා මලක් තබන්න.
වැටකෙයියා මල් සොයා ගැනීමට අපහසු නම් වැටකෙයා කොළ තබා ඒ මල නිල් කටරොළු මල් නටුව පහළට සිටින සේ තබන්න.
පසුව බෝධියටද මල් පස්තෙල් පහන් ආදී පූජා ද්‍රව්‍ය පූජා කර බෝධිය නහවා තෙරුවන් නමැද නවග්‍රහ ශාන්තිය ඇතුළු බෝධිපූජා ගාථාවන් කියා කරණීය මෙත්ත සූත්‍රයද සිංහල තේරුම ඇතිව තුන්වරක් කියන්න.
පසුව සබ්බ පාපස්ස අකරණං ගාථාවද තුන්වරක් කියා ඒ හැම වාරයකදීම අවසානයේ ‘ඒතේන සජ්ජ වජ්ජේන’ ග්‍රහ දෝසේ විනස්සතු යනුවෙන් කියා තමාට අපල කරන රාහු ග්‍රහයාගේ අත්විඳීමට සිදුවන අශුභඵල අවම කරදෙන ලෙස ඉල්ලා සිටින්න.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්යොතිෂවේදීනි, ගීතිකා සමරතුංග
072.2144435
සටහන – ධම්මිකා රාජපක්ෂ