පී‍්‍රතියෙන් හෝ සතුටින් සිටීම පිළිබඳව

පෙබරවාරි 1, 2019

ඡ්‍යොතිෂය තුළින් හෙළිවන කරුණු

මිනිසාගේ පරම අපේක්ෂාව වන්නේ නීරෝගීව සිටීම සහ සතුටින් සිටීම නැත්නම් පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමයි. මේ නිසාම බුදු දහමෙහි ආරෝග්‍යා පරමා ලාභා, සන්තුෂ්ඨි පරමං ධනං යනුවෙන් සඳහන් වේ. සතුටින් සිටීමට අප හැම කෙනෙක්ම අපේක්ෂා කළත් අප හැමකෙනෙකුටම අප බලාපොරොත්තුවන අයුරින් එම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි වේ.

අෂ්ඨලෝක ධර්මයට අනුව සතුටුදායක දේවලට දුක්ඛ ඉක්ම දායක දේවලට ද අපගේ ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදුවේ. කේම්බ්‍රජ් ශබ්දකෝෂයට අනුව ‘තමන් හට අවශ්‍ය සහ තමන් කැමති දෙයක් ලැබුණු විට සිතෙහි ඇතිවන සුන්දර හැඟීම” සතුට යනුවෙන් හැඳින්වේ. ඔක්ස්ෆර්ඩ් විශ්වකෝෂයට අනුව ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් සහ උවමනාවන් ඉටුවීම හේතුවෙන් සිතෙහි ඇතිවන ප්‍රසන්න හැඟීම, සතුට යනුවෙන් හැඳින්වේ. වෛදික ඡ්‍යොතිෂයට අනුව යම් ජන්මියකු හට ලැබෙන දිගු කාලීන සතුට නැත්නම් පී‍්‍රතිය ජන්ම පත්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය, මහ දශා සහ අතුරු දශා කාල මෙන්ම ගෝචර ග්‍රහ ගමන් අනුව තීරණය වේ.

ජන්මියකු හට තම ජීවිත කාලය තුළ ලැබෙන සතුට ගැන කතා කිරීමේ දී ගුරු, බුධ, සිකුරු සහ සඳු යන ග්‍රහයන් හට ප්‍රධාන තැනක් හිමිවේ. එසේම මෙම ග්‍රහයන් අතුරින් ද වඩාත් වැදගත් වන්නේ ගුරු ග්‍රහයාය. සුරගුරු නැත්නම් දෙවියන්ගේ ගුරුවරයා යනුවෙන් හඳුන්වන ගුරු ග්‍රහයා බටහිර ඡ්‍යොතිෂයෙහි හඳුන්වා ඇත්තේ මහා සුබසාධක නැත්නම් මහා වැඩදායක ග්‍රහයා යනුවෙනි. කිසිම සතුට පිළිබඳව ජන්ම පත්‍රය තුළින් කරුණු විමර්ශනය කිරීමේ දී හතර වැන්නට සහ හතර වැන්නාධිපති ග්‍රහයාට ප්‍රධාන තැනක් හිමි වේ. හතරවැන්නාධිපති ලග්නයේ සිටීම නැත්නම් හතර වැන්නාධිපති ස්වක්ෂේත්‍රව පිහිටීම තුළින් ජන්මියා පී‍්‍රතිමත් ජීවිතයකට හිමිකරු වන බව ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ. කෙසේ වෙතත් වෛදික ඡ්‍යොතිෂයට අයත් සම්භාව්‍ය සංස්කෘත ග්‍රන්ථවල පී‍්‍රතිමත් ජීවිතයකට අදාළ ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් ඡ්‍යොතිෂමය කරුණු පිළිබඳව විස්තර දක්වා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ටී.එම්. කුලරත්න.

ඡ්‍යොතිෂ සහ

මනෝවිද්‍යා උපදේශක

071 8167593

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.