වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
නීතිය සාධාරණත්වය අකුරටම සුරකින දෛව අංක 8 හිමියෝ
දෛව අංකය ලෙස අප හඳුන්වන්නේ කෙනෙකුගේ උපන් දිනයට අයත් වර්ෂය, මාසය හා දිනය ද ඇතුළු සියලු අංක වල එකතුව තනි අංකයක් ලෙස ගත්විට ලැබෙන අංකයයි. උදාහරණ ලෙස 1949.05.03 දින උපන් අයෙකුගේ දෛව අංකය සොයන්නේ මෙසේය. 1+9+4+9+5+3 =31 තනි අංකයක් ලෙස 3+1=4 එවිට දෛව අංකය වනුයේ 4 යි. මේ අයුරින් පළමුව ඔබේ දෛව අංකය සොයන්න.
ඒ අනුව මේ වන විට පිළිවෙලින් රවි, සඳු, ගුරු, යුරේනස් , බුධ, සිකුරු ,නැප්චූන් ආදී ග්‍රහයන්ට අයත් අංක 1,2,3,4,5,6,7 යන දෛව අංක වලට අදාළ අයගේ ජීවිත තොරතුරු විස්තර කර ඇත. මෙවර විස්තර කරන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් දෛව අංක 8 පිළිබඳවයි.
ඉදිරි අංක 9 පිළිබඳ විස්තර දැන ගැනීමෙන් පසු කෙනෙකුගේ උපන් දිනයක් තුළින් එක් එක් අයගේ දෛව අංකය අනුව ඔවුනට අයත් පෞද්ගලික ගති පැවතුම් පිළිබඳව වූ විශේෂ ලක්ෂණ මතක තබා ගැනීමෙන් පසු ඔහු හෝ ඇය කුමන විදියේ අයෙක් ද යන්න ඔබට අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. යමෙකුගේ උපන් දිනයේ අංක කීපයක් බලපෑම හේතුකොට ගෙන මිශ්‍ර ගතිගුණ ක්‍රියාත්මක වන බව ද අමතක නොකළ යුතුය. දැන් අපි බලමු දෛව අංකය 8 හිමි අයට අදාළ ජීවන තොරතුරු කෙසේද කියා.
දෛව අංක මාලාවේ අමුතුම ස්වරූපයක් ගන්නා දෛව අංක 8 ග්‍රහ මණ්ඩලයේ විශේෂ තැනක් හිමිවන ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් වෙයි. නෛසර්ගික පාපයෙකු වූ සෙනසුරු ලෞකික සැප සම්පත් හෙලා දකින සත්වයාගේ සියලු පාපයන්ට දඬුවම් දෙන විනිශ්චයකාරයෙකු ලෙස සැලකිය හැකිය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හිඹුටානේ
පියතිලක ද අල්විස්
0716212020