2025.01.12 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 12, 2025

ඉර උදාව - පෙ.ව. 06.26
ඉර බැසීම - ප.ව. 06.11
රාහු කාලය - සවස 04.42 - 06.11
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති කරදර බාධා කීපයක් මඟ හැරී යයි. අමතර ලැබීම් සහිත දිනයකි.

වෘෂභ

උසස් පාඨමාලාවක් හැදෑරීමට යොමුවන බවක් පෙනේ. වෙනදාට වඩා වියදම් බහුල කරයි. ඥාති උපකාරයක් හිමිවන දිනයකි.

මිථුන

පොත් පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. උරුම හිමිකම් ගැටලුවකින් නිදහස අත් කරයි. සෙම් දෝෂ බහුල කරන බවක් පෙනේ.

කටක

අන් අය සමඟ සුහදව කටයුතු කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් අය ඇසුරට කටයුතු උදා කරයි.

සිංහ

ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටු කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. මූත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා ඇති කරන බවක් පෙනේ.

තුලා

දැනුම බුද්ධිය වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ආගමික සැලසුමක් හේතුවෙන් වෙහෙසෙන දිනයකි.

වෘශ්චික

අලුත් දේ ඉගෙනීමට සිත යොමු කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. සෙම් දෝෂ බහුල දිනයකි.

ධනු

පසුතැවීම්වලට හේතුවන දිනයකි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ. දියුණුවට හේතුවන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

මකර

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. දුර ගමනක් යෙදෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කුම්භ

ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ.

මීන

ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටු කරයි. පැවැති උදාසීන ගති මඟහැරී යන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.