ජන්ම පත්‍රයේ සටහන් වන සප්ත භාර්යාවන් ලබන යෝග

ජනවාරි 25, 2019

ගුප්ත විද්‍යා මූලධර්ම

පසුගිය ලිපියෙන් සඳහන් කළ සප්ත භාර්යාවන් කවර වර්ගය තමාට ලැබේද කියා කිවහැකි ග්‍රහ පිහිටීම් පුරුෂ කේන්ද්‍රවල සටහන් වෙයි. මෙය බොහෝ දුරට සත්‍ය වන බව මා විසින් මෙතෙක් කලක් පරික්ෂා කළ ජන්මපත්‍ර අනුව අත්දැකීමෙන්ද දනී. එමෙන්ම මා හිතවත් උගත් ඡ්‍යොතිෂවේදින් සමඟ කළ සාකච්ඡාවලින්ද තහවුරු වී ඇත.

පැරණි පොතපත පරිශීලනයෙන්ද මෙය සනාථ වෙයි. සමහර විට මෙම තත්ත්වය නැති අවස්ථාද දැක ඇත. නමුත් එම කේන්ද්‍රවල යම් දෝෂ සහිත වීම නිසා එසේ සිදුවන බවද කිවයුතු වෙයි. කෙසේ හෝ මෙය බොහෝදුරට නිවැරදි බව එකහෙලා කිවහැකියි. ඔබටද මේ ගැන සොයා බලා ප්‍රායෝගිකව සිතට ගන්නා ලෙස ආධුනික ඡ්‍යොතිෂවේදින්ගේ ඉල්ලා සිටිමි.

යම් පුරුෂයකුගේ කේන්ද්‍රය මකර, කුම්භ රාශියක් 07 වැන්නට සෙනසුරු ග්‍රහයා එහි සිටී නම් එසේ නොමැතිව සෙනසුරු 07 දකීද එම පුරුෂයා ලබනුයේ වධක භාර්යාවකි. මෙයට අනුව මකරය 07 වැන්න වන්නේ කටක ලග්නයට මෙන්ම කුම්භය 07 වැන්න වන්නේ සිංහ ලග්න හිමියාටයි.මෙය ගළපා සහකාරියගේ හඳහන ගැළපීමෙන් මෙය මඟ හැරවීමට උගත් ඡ්‍යොතිෂවේදියාට හැකියාව ඇත.

(අංක 01 ඡායාරූපය)

මෙය වඩා පැහැදිලි වීම සඳහා අංක 01 ඡායාරූපයෙන් පෙන්වාදෙයි. එමෙන්ම පුරුෂ කේන්ද්‍රයක 07 වැන්න මේෂ හෝ වෘශ්චිකව කුජ ග්‍රහයා එහි සිටියහොත් නොමැතිව වුවද අශුභව දෘෂ්ටිගතව සිටියහොත් ලබනුයේ චෝර භාර්යාවකි.

( 2 රූප සටහන පෙන්වා දෙන්නේ චෝර භාර්යා ලබන කේන්ද්‍ර සටහනයි)

හත්වැන්න සිංහ රාශිය වන කුම්භ ලග්න හිමියාට එම 07 රවි සිටීම හෝ රවිගේ දෘෂ්ටිය වැටුණු කල ගුරු, සිකුරු සඳුගේ ශුභ දෘෂ්ටියද නොමැති කල එම පුරුෂයා ස්වාමි භාර්යාවක් ලබයි. මා පෙර ලිපිවල සඳහන් පරිදි මෙම ස්වාමි භාර්යා ලැබූ පුරුෂයා එම භාර්යාවගේ මෙහෙකරු ලෙස ඇයට පවුලේ මූලිකයා ලෙස සිටීමට නොහැකි කල පවුල් ජීවිතයම අවුල් වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ වාස්තු ගුප්ත විද්‍යාවේදී චතුර්වේද පණ්ඩිත විශාරද ශිරෝමනී ගෞරව උපාධි ආචාර්ය

චන්දන සතරසිංහ

0719000707

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.