සෙනසුරු අපල දුරු කරන ශ්‍රී විෂ්ණු දැහැනෙන් ජීවම් කළ රන් තැඹිලි තෙල්

දෙසැම්බර් 13, 2024

සෙනසුරු අපලය කවුරු කෙසේ කීවත් මිනිසුන් දකින්නේ අශුභ කාලයක් ලෙසය. ඒ නිසා බොහෝ දෙනා සෙනසුරු අපලය ඇති විට විවිධ වත් පිළිවෙත්වලට යොමු වෙති.

එමඟින් සෙනසුරුගේ දුෂ්ඨ දෘෂ්ටිය පාලනය වන බව ඡ්‍යොතිෂයේ නියමයයි. එබැවින් සෙනසුරු කුම්භ රාශියේ ගත වන මේ කාලයේ ජන්ම, ලග්න හා අෂ්ටම ඒරාෂ්ටක බලපාන අය හට දුර්විපාක පාලනය කර සුබපල ලබා ගැනීමට සුදුසු ක්‍රමයක් මෙසේ සඳහන් කරමු.

ශ්‍රී විෂ්ණු දේව කන්නලව්ව
වාසු දේව පරං බ්‍රහ්මං
තෘණ මූර්තීං පුරුෂං
පරං ස්වක්ෂ ස්ත්‍ර ගුණෝ ශාන්තං
ශ්‍රී විෂ්ණු නමෝ වරම්

( 51 වරයි)

ශ්‍රී විෂ්ණු දැහැන

ඕං හී‍්‍රං හර හර රාම - ශ්‍රී විෂ්ණු වේලායුධ - ගිඩි ගිඩි රාජගුරු ධරණේ වෛකුණ්ඨකේ - ශ්‍රී විෂ්ණු වෛරෝඩි වර වර දිෂ්ටි දිෂ්ටි වාරුං වාරුං වාවා ඉරන්දු - සෙයියෙන්දා නීල ගුරුවේලා මානේ මානේ ශ්‍රී විෂ්ණු රාමශැර- කිලම්බු එං එං නමස්කාර නමෝ නමඞ ඕං ගුරු පේසුං හර්ධ හර්ධ නමං මාගේ හෘර්දය කෙරේ නීල අවතාර නැගී ශ්‍රී විෂ්ණුන් වහන්සේගේ යුග නේත්‍ර හැර මාගේ දෙස බලා ශ්‍රී විෂ්ණු දස අවතාර ජීව ජීව දිෂ්ටි එං එං නමස්කාර නමෝ නමඞ ( 3008 වරයි)

ක්‍රමය

 

පුර පක්ෂයේ සුබ දිනයක රන් තැඹිලි ගෙඩියක් සිඳ තෙල් ගෙන, මල් යහන සාදා ඒ මත පුවක් මල් අතුරා මල්වර්ග 5, බුලත් 21, පඬුරු 9, නිල් මානෙල් මල්, නිල් කටරොඩු මල්, මදුරු තලා කොළ, විෂ්ණු දෙවිඳුගේ රූපයක්, වියලි මිදි, සූකිරි, තල කැරලි, නිල් පාටකල කිරිබත්, තැඹිලි ගෙඩියක්, තැඹිලි තෙල් පහනක්, සාම්බ්‍රාණි පුදට තබා පළමුව නා පිරිසුදු සුදු වතකින් සැරසී මල් පහන් පුදා තුණුරුවන් වැඳ විෂ්ණු දෙවිඳුට සහ සෙනසුරු දෙවිඳුට පහන් දල්වා අවසරගෙන, ශ්‍රී රාම දිෂ්ටියෙන් 21 වර දිෂ්ටි කර, ශ්‍රී විෂ්ණු දේව කන්නලව්වෙන් 51 වර මතුරා ඉහත සඳහන් මන්ත්‍රයෙන් 3008 වර මතුරා රන්, රිදී හෝ පස්ලෝ සුරයක දා සෙනසුරාදා දිනක බෝධි පූජාවක් පවත්වා විෂ්ණු දෙවිඳුට සහ සෙනසුරු දෙවියන්ට පූජාවක් තබා පින් අනුමෝදන් කර තෙල් සහිත සුරය ගෙල පලඳින්න. සෙනසුරු ඒරාෂ්ටක අපලය දුරුවේය, ගවමස්, ඌරු මස් කෑමෙන් වළකින්න.

උදේ සවස මල් පහන් පුදා තුණුරුවන් වැද යහපත් ලෙස දිවි ගෙවන්න. ශ්‍රී විෂ්ණු දෙවියන් ඔබේ ජීවිතය රැක දෙනු ඇත.

නුග ගසක් පාමුල බුලත් 9ක් තබා සෙනසුරාදා දිනවල එලඟිතෙල් පහන් දැල්වීම යහපත් වේ.

 

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී,

එච්. විජිත කුමාර සිංදුරගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.