සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 6, 2024

ශකවර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 21 භාග උඳුවප් පුර විසේනිය ලත් කිවි දින සිට එම රවි 27 භාග උඳුවප් පුර දොළොස්වක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - වෘශ්චික

කුජ - කටක (වක්‍ර)

බුධ - වෘශ්චික (වක්‍ර)

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - මකර

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (නිවෘත)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - දෙට

කුජ - පුෂ

බුධ - දෙට ( 09දා අලුයම 12.45 අනුර)

ගුරු - රෙහෙන

ශුක්‍ර - උත්‍රසල ( 11දා අලුයම 03.24 සුවන)

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

දෙසැම්බර් 08 ඉරිදා උදේ 09.44න් පුර අටවක ලබා 09 සඳුදා උදේ 08.03න් ගෙවේ. 08 ඉරිදා සිල්

චන්ද්‍ර චාරය

07 දා අලුයම 05.08 කුම්භ

09 දා උදේ 09.15 මීන

11 දා දහවල් 11.48 මේෂ

දිනූ තත්ත්ූවය

දෙසැම්බර් 06 සිකුරාදා

වෘශ්චික රවි 21 භාග උඳුවප් පුර විසේනිය ලත් කිවි දින. ඉර උදාව 06.09. ඉර බැසීම 05.54 සුවන නැකත සවස 05.15න් ගෙවී දෙනට නැකත ලබයි. උඳුවප් පුර විසේනිය තිථිය දහවල් 12.07න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. ධෘම යෝගය උදේ 10.42න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. බවකරණය අලුයම 12.32න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 12.07න් ගෙවී කෞලවකරණය උදාවී එදින රාත්‍රී 11.39න් අවසන් වී තෛතිලකරණය ලබා පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග / යෝනි

මරු - ගිනිකොන

යෝගිනී - දකුණ

සුබ දිසාව - උතුර

දෙසැම්බර් 07 සෙනසුරාදා

වෘශ්චික රවි 22 භාග උඳුවප් පුර සැටවක ලත් ශනි දින ඉර උදාව 06.10, ඉර බැසීම 05.54 දෙනට නැකත සවස 04.49න් ගෙවී සියාවස නැකත ලබයි. උඳුවප් පුර සැටවක තිථිය දහවල් 11.06න් ගෙවී පුර සතවක තිථිය ලබයි. ව්‍යාඝාත යෝගය උදේ 08.42න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 11.06න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 10.27න් වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකනිය

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

දෙසැම්බර් 08 ඉරිදා

වෘශ්චික රවි 23 භාග උඳුවප් පුර සතවක ලත් රවි දින ඉර උදාව 06.10, ඉර බැසීම 05.54 සියාවස නැකත සවස 04.02න් ගෙවී පුවපුටුප නැකත ලබයි. උඳුවප් පුර සතවක තිථිය උදේ 09.44න් ගෙවී පුර අටවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය උදේ 06.27න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. වණිජකරණය උදේ 09.44න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 08.55න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ලැම

මරු - උතුර යෝගිනි - වයඹ

සුබදිසාව - නැඟෙනහිර

දෙසැම්බර් 09 සඳුදා

වෘශ්චික රවි 24 භාග උඳුවප් පුර අටවක හා නවවක ලත් සඳු දින ඉර උදාව 06.11, ඉර බැසීම 05.55, පුවපුටුප නැකත දහවල් 02.55න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. උඳුවප්පුර අටවක තිථිය උදේ 08.03න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය අලුයම 03.54න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බවකරණය උදේ 08.03න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රි 07.03න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - නළල / හිස්මුදුන

අමෘත කලාව - තනය / ගෙල

මරු - වයඹ

යෝගිනී - ඊසාන / නැඟෙනහිර

සුබ දිසාව - උතුර

දෙසැම්බර් 10 අඟහරුවාදා

වෘශ්චික රවි 25 භාග උඳුවප් පුර දසවක ලත් කුජ දින ඉර උදාව 06.11, ඉර බැසීම 05.58 උත්‍රපුටුප නැකත දහවල් 01.30න් ගෙවී රේවතී නැකත ලබයි. උඳුවප් පුර නවවක තිථිය උදේ 06.03න් ගෙවී පුර දසවක තිථිය ලබයි. සිද්ධි යෝගය අලුයම 01.05න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබා එය රාත්‍රි 10.02න් ගෙවී වාරියන් යෝගය ලබයි. කෞලවකරණය උදේ 06.03න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 04.53න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - බටහිර යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

දෙසැම්බර් 11 බදාදා

වෘශ්චික රවි 26 භාග උඳුවප් පුර එකොළොස්වක ලත් බුධ දින ඉර උදාව 06.12 ඉර බැසීමස 05.56 රේවතී නැකත දහවල් 11.48න් ගෙවී අස්විද නැකත ලබයි. උඳුවප් පුර දසවක තිථිය අලුයම 03.44න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. වාරියන් යෝගය සවස 06.47න් ගෙවී පරිඝ යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.44න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 02.28න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස්

මරු - නිරිත

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - උතුර

දෙසැම්බර් 12 බ්‍රහස්පතින්දා

වෘශ්චික රවි 27 භාග උඳුවප් පුර දොළොස්වක ලත් ගුරු දින ඉර උදාව 06.12, ඉර බැසීම 05.56, අස්විද නැකත උදේ 09.53න් ගෙවී බෙරණ නැකත ලබයි. උඳුවප් පුර එකොළොස්වක තිථිය අලුයම 01.10න් ගෙවී පුර දොළොස්වක තිථීය ලබා එය රාත්‍රී 10.27න් ගෙවී තෙළෙස්වක තිථිය ලබා පවතී. පරිඝ යෝගය සවස 03.23න් ගෙවී ශිව යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.10න් ගෙවී බවකරණය ලබා එය දහවල් 11.50න් ගෙවී බාලවකරණය උදාවී එදින රාත්‍රි 10.27න් අවසන් වී කෞලවකරණය ලබා පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - දකුණ

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.