වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.11.30 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.07
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - උදේ 09.03 - 10.31
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල දිනයකි. නිකරුණේ කරන වියදම් වැඩි කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදාකරන දිනයකි.
වෘෂභ
පැරැණි හිතවත්කම් අලුත්වන බවක් පෙනේ. නොදැන කරන වරදක් හේතුවෙන් පාඩුවක් සිදු කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
වගකීම් බහුල කරයි. පවුලේ අය සමඟ මතභේදයක් ඇති කර ගනී. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
කටක
නිතර නිතර අදහස් වෙනස් කරයි. දුරදිග නොබලා ගන්නා තීරණයක් හේතුවෙන් පාඩුවක් සිදු කරයි. සෙම් අමාරු හිසේ ආබාධ ඇතිවිය හැකි දිනයකි.
සිංහ
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින්වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දරුවකු පිළිබඳ සතුටුවිය හැකි කටයුතු කීපයක් සිදු කරයි.
කන්‍යා
සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. ගනුදෙනුවකින් නිදහස අත්කරයි.
තුලා
අලංකාරයට සිටීම කැමැත්තක් දක්වයි. වෙනදාට වඩා මිහිරි ආහාර පාන කෑමට හැකිවන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
වෘශ්චික
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.
ධනු
පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. නනිනිතර අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙයි. අවිවාහකයන්ට සුබදායකයි. වැඩිහිටි ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සිදු කරයි.
මකර
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා අමතර ගමන් බහුල කරයි. විශේෂ ගනුදෙනුවකට කටයුතු උදාකරන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කුම්භ
අතමිට සරු කරන ආදායම් මාර්ගයකට හේතු ඇති කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.
මීන
සැලසුම් කීපයක් සාර්ථක කරයි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. නිවෙසේ දානමය පින්කමට අවස්ථාව උදා කරයි.