ලොව බලවත්ම ජනාධිපති තේරූ හිපපොටේමස් පැටවාගේ විස්මිත අනාවැකිය

නොවැම්බර් 15, 2024

ලොව බලවත්ම රාජ්‍යය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා දීමට හිපපොටේමස් පැටවකු සමත් වීම පිළිබඳ පසුගිය සතියේ ලෝකයාගේ අවධානය මහත් සේ යොමු විණි. මෙවර පැවැත්වුණු අමෙරිකානු ජනාධිපතිවරණය කරට කර ප්‍රතිවාදීන් අතර වූ ද්වන්ධ සටනක් බඳුවිය.

ඉදිරි වසර හතරක කාලය සඳහා ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයා තෝරා ගැනීම අමෙරිකා එක්සත් ජනපදයට පමණක් නොව මුළු ලොවම විශේෂ අවධානය යොමු කළ මහා මැතිවරණයක් විය.

අමෙරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඇමෙරිකානු සම්භවයක් සහිත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ඉන්දියානු සම්භවයක් ඇති හිටපු උප ජනාධිපතිනිය වූ කමලා හැරිස් පරදවා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

2024 නොවැම්බර් මස 05 වැනි දින අමෙරිකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් මේ බලවත් අපේක්ෂයන් දෙදෙනාගෙන් කවරකු දිනයිද යන්න පිළිබඳ කලින් අනාවැකි කියන්නට බොහෝ දෙනා ඉදිරිපත් ව සිටියහ. ඒ අතර කවදත් ඡ්‍යොතිෂ අනාවැකි සම්බන්ධව තදබල විශ්වාසයකින් කටයුතු කරන තායිලන්තයේ වැසියන්ට සුවිශේෂ අත්දැකීමක් ලබා දුන්නේ බැංකොක් අගනුවර සතවෝද්‍යානයේ අනාවැකි පළකරතැයි විශ්වාසය දිනාගත් “මූඩේන්” නම් හිපපොටේමස් පැටවා ගේ සුවිශේෂ ක්‍රියා කලාපයයි. එය අවසානයේ තායිලන්තයේ පමණක් නොව මුළු ලොවෙහිම අවධානය යොමු විය.

මූඩේන් හිපෝ පැටවා මෙලොව එළිය දකින්නේ පසුගිය ජූලි මාසයේ 10 වැනිදා තායිලන්තයේ චොන්බරි හි ඛාඕ ඛෙඕ විවෘත සත්ත්වෝද්‍යානයේදීය. ඒ ටෝනි නම් හිපපොටේමස් පියාට දාව ජෝනා නම් හිපෝ මවගෙනි. මේ හිපෝ පැටික්කිය ඉපදී මාස දෙකක් පමණ ගතවන විට ඇයගේ සහෝදර සහෝදරියන්ට වඩා දැක්වූ අති සුරතල් ස්වභාවය නිසාම ඇගේ කෙළිලොල් කටයුතු අන්තර්ජාලයේ වෛරල් වූ කරුණක් බවට පත්විය. එය එම සත්ත්වෝද්‍යානයට වාසනාව ගෙන ඒමට ද හේතු විය.

කෙසේ වෙතත් අනාවැකි පළ කිරීමට සමත් බව කියන මේ හිපෝ පැටික්කියගෙන් ඇමරිකානු ජනාධිපතිවරනයේ ජය අත්වන්නේ කාටද යන්න විමසීමට තීරණය විය. ඒ අනුව වට්ටක්කා, පිපිඤ්ඤා, කැරට් ආදි හිපෝවන්ගේ ප්‍රියතම ආහාරවලින් පිරුණු තැටි දෙකක් තනා, එහි අපේක්ෂකයන් දෙදෙනාගේ නම් ලියා එයින් ජයග්‍රහණය කරන්නා තෝරාදීමට හිපෝ පැටවාට අවස්ථාව සලසන ලදී.

‘මූඩේන්’ හිපපොටේමස් පැටවිය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් වෙනුවෙන් නම් කළ වට්ටි දෙකෙන් මුලින්ම තෝරා ගන්නා වට්ටිය හිමි අපේක්ෂකයා ජයගනු ඇතැයි නිවේදනය කර තිබුණි.

එහිදී කිසිදු චකිතයකින් තොරව අනාවැකිය කීමට ඉදිරිපත් වූ “මූඩේන්” තෝරාගෙන තිබුණේ ට්‍රම්ප් නමින් නම් කළ ආහාර වට්ටියයි.

මේ සුවිශේෂ සිදුවීම නැරඹීමට තායිලන්ත සත්ව්‍යෝදනයට විශාල පිරිසක් පැමිණ තිබුණු අතර විදේශ සංචාරකයන් රැසකටද මේ නව අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව උදා විය.

අපමණක් නොව විශිෂ්ට අනාවැකියක් ලෙස තායි ජනතාව පිළිගත් මේ ක්‍රියාවලියේ සජීවී දර්ශන ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකටද නැරඹීම සඳහා රූපවාහිනී නාලිකාවලින් අවස්ථාව සලසා දී තිබිණි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පවත්වන්නට පෙර තායිලන්ත ජනතාවගෙන් බහුතරයක් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපතිවරණයෙන් ඒකාන්ත වශයෙන් ජයගන්නා බව විශ්වාස කළහ. “මූඩේන්’ ගේ අනාවැකිය තායි ජනතාව හදපත්ලෙන්ම පිළිගත්තෙ ලෝකයට සාමය උදාකරවීමේ මහත් බලාපොරොත්තු රැසක්ද මෙම ජයග්‍රහණය තුළින් සිදුවෙතැයි යන සිතුවිලි දාමයක්ද ඔවුන්ගේ සිත් සතන් තුළ ජනිත වූ බැවින් විය හැකිය.

ඊට හේතුව ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ජයගත හොත් ලෝක සාමය සඳහා කැපවන බවට මැතිවරණ ප්‍රතිඥාවක් දී තිබීමය.

අමෙරිකාවේ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකන් සංඛ්‍යාව මිලියන 186කි. අමෙරිකාවේ 60වැනි ජනාධිපතිවරණය මෙය වූ අතර 47වැනි ජනාධිපතිවරයා වශයෙන් මෙවර තේරී පත්වූ අපේක්ෂකයාගේ නම 2024 දෙසැම්බර් 17 වනදා නිල වශයෙන් තහවුරු කරනු ඇත. එහෙත් ට්‍රම්ප් මහතා සිය තනතුරේ දිව්රුම්දීමට නියමිතව ඇත්තේ 2025 ජනවාරි 20 වෙනි දිනය.

මීට පෙර වතාවක ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ එංගලන්තයේ මාර්කස් නමින් හැඳින්වෙන ඌරු පැටවකු ( ර්‍ථඵරජඩඪජ නඪඨ) ද අනාවැකියක් පළ කරමින් දැක්වූයේ 2016 වසරේ දී පැවැති ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් 45 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වන බවය.

මුළු මහත් ලෝකයම මවිත කරමින් සියවස් ගණනාවක් ඉදිරියට සිදුවන සුවිශේෂ දෑ පිළිබඳව විස්මිත අනාවැකි සමුදායක් මෙයට වසර 500කට පෙරාතුව තම ශ්ලෝක සහ සිව්පද කාව්‍ය උපයෝගී කර ගනිමින් ලෝවැසියන්ට දායාද කළ මිචෙල් ඩී. නෝස්ත්‍රද්‍රාමස් නම් ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයා සඳහන් කර ඇත්තේ ද ලොව ප්‍රබලයකු එක්වරක පරාජිතයකු වුවද “ලෝක සාමය” වෙනුවෙන් නැවත පැමිණෙන බවය. එහෙත් එහි නිශ්චිතව රටක් සඳහන් නොවේ.

මෙහිදී ලෝ වැසියන්ගේ අවධානය වඩාත් මෙවැනි අනාවැකි සඳහා යොමු වූයේ ඇමෙරිකානු ජනාධිපති පිළිබඳ අනාවැකි කී ර්‍ථඵරජඩඪජ නඪඨ ඌරු පැටවා පළ කළ අනාවැකි කීපයක් සාර්ථක වූ අතර 2018 වසරේ පැවැති ලෝක පාපන්දු තරගාවලියේදි අවසන් පූර්ව වටයට තේරෙන රටවල් දෙකද ඉන් ලෝක පාපන්දු ශූරතාව දිනාගන්නා රටද පිළිබඳව නිවැරැදිව අනාවැකි පල කරන්නට සමත්වීමය.

එහිදී අනුගමනය කළ ක්‍රියාදාමය වූයේ 2018 ලෝක පාපන්දු පිටියේ ඉදිරිපත් වූ සියලු රටවල් නියෝජනය කරමින් කොළ ඇපල් ගෙඩි සමූහයක් පේළියට තබා ඒ ඒ රටට ආවේනික ජාතික කොඩියේ ඉතා කුඩා අනුරුවක් ඒ ඇපල් ගෙඩිවල වෙන් වෙන්ව රඳවා 2018 වසරේ අවසන් පූර්ව වටයට තේරෙන රටවල් හඳුනා ගැනීමට සැලැස්වීමයි.

ඉන්පසු කලින් අනුගනය කළ ක්‍රියාදාමයම යොදා ගනිමින් ලෝක පාපන්දු ශූරතාව දිනාගන්නා රට කලින් තියාම හඳුනා ගැනීමට ද ඔවුහු ක්‍රියා කළහ. එම අනාවැකි අත්දැකීම අතිසාර්ථක කරමින් “මාර්කස්” නැමැති ර්‍ථඵරජඩඪජ නඪඨ ගේ අනාවැකිය සඵල විය. එමඟින් මුළු ලෝකයේම අවධානය ඊට යොමු විය.

මේ ඌරු පැටවා හා හිපෝ පැටවිය පමණක් නොව බූවල්ලන්, ගිරවුන්, වාසනා මාළුන් වැනි විවිධ සතුන් මඟින් විවිධ අනාවැකි පළ කළ අයුරු මෑත ඉතිහාසය පුරා ද අපට දැකගන්නට ලැබේ.

ඡ්‍යොතිෂ විද්‍යාවේ එක් ප්‍රබල අංශයක් වනුයේ අනාවැකි පළ කිරීමයි. දර්ශනවාදයේ උල්පතක් බඳු මහා භාරතයේ මුලින්ම එය උපත ලබන ලදී.

ගංගා සින්ඳු වැනි මහා ගංගාවලින් පෝෂිත හිමාල අඩවියේ දේවධාර වනාන්තරවල සඳුන් රුක් සෙවණේ ඍෂිවරු මුළු මහත් මිනිස් වර්ගයාගේ හිතසුව පිණිස අනාවැකි පළකර ඇත. දියුණු මනසකින් සපිරුණු මේ ඍෂිවරුන්ගේ අනාගත දැක්ම මොනතරම් විස්මයජනකද?

නූතන තාක්ෂණයෙන් හිනිමං පෙත කරාගොස් ග්‍රහ තාරකා පවා ජයගන්නා වත්මන් පරිගණක යුගයේ සිටින්නන් පිළිබඳ වුවුද අනාවැකි දක්වන්නට මනා අවබෝධයක් තිබුණේ මෙයට වසර දහස් ගණනකට පෙර සිටි ඍෂිවරුන්ටය.

ඒ ශාස්ත්‍රීය දැනුම අනුව බලන කල 1946.06.14 උදේ 10.54 ට අමෙරිකාවේ ජැමෙයිකාවේදී දෙට නැකතේ 4වන පාදයෙන් උපත ලබා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බුධ මහා දශාව ඉදිරියට වර්ෂ 01යි මාස 09 යි දින 15 ශේෂව තිබුණි. ඔහු සිංහ ලග්නයේ මිථුන නවාංශකයෙන් ජන්මය ලැබූවෙකි.

ජන්ම කේන්ද්‍රය දෙස පුළුල් විචාරාත්මක ලෙස බලන කල 2025 මුල් කාර්තුව අවසාන වත්ම ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයක් උදාවන බැවින් ලොව මවිත කරවන කටයුත්තක් කිරීමට ඔහු සමත් වනු ඇති බවද අනාවැකියක් පළ කිරීමට ඡ්‍යොතිෂයට අනුව හැකියාව ඇත.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.