වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ලග්න හයකට වාසනාව උදාකරමින් සිකුරු ධනුවේ මහා පරිවර්තන යෝගයක
මේෂ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, කුම්භ ලග්නවලට මහා පරිවර්තන යෝගයද වෘෂභ, කටක, තුලා, ධනු, මකර, මීන ලග්නවලට සාමාන්‍ය පරිවර්තන යෝගයද උදා කරමින් සිකුරු නොවැම්බර් 6 වැනිදා බදාදා රාත්‍රී හෙවත් නොවැම්බර් 7 ගුරු දින අලුයම 03.34ට ධනු රාශිගත වෙයි.
ඒ කාලය තුළ ඉහත මහා පරිවර්තන යෝගය සහිත ලග්නවලට මහත් සුබපල ද අනෙක් ලග්නවලට යහපතද උදාවනු ඇත.
සිකුරු ධනු රාශිගත වීමේ බලපෑම දෙසැම්බර් 02 වැනිදා සඳුදා දහවල් 11.58 දක්වා පවතින අතර, එම කාලය තුළ සුබ අසුබ දෙආකාරයේම පල ඇති කරයි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හතරවැන්න සහ නවවැන්න අධිපති සිකුරු අයස්ථාන ගතවීම සුබදායක වේ. ධනුව ගුරුගේ රාශියයි. ගුරු නීතිගරුක උගත් බුද්ධිමත් පඬිරුවනක් ලෙස හඳුන්වයි. මේ අනුව ත්‍යාගවන්ත, නීතිගරුක ලෙස රට තුළ සියලු කටයුතු සිදුවේ. ජනතාවට සහන සහ සුවසෙත සැලසේ. ආයෝජන කටයුතු දියුණුවේ.
විදේශ ආධාර උපකාර ලැබේ. සාහිත්‍ය, කලා, සංගීත ක්‍රීඩා අංශවල නව දියුණුව, ජයග්‍රහණය ඇතිවේ. වෙළෙඳ කටයුතු දියුණුවන අතර ගමනාගමන අංශවලින් ආදායම් ලැබේ. අසුබ පල වශයෙන් රෝග බිය, සොර සතුරු උවදුරුවලින් ජනතාවට පීඩා ඇති විය හැකිය.
ජලයේ හටගන්නා දේවල්වලට ජලජ ප්‍රාණීන්ට හානි ඇතිවීමට පුළුවන. ආලය, ආදරය, ප්‍රේමය අවිචාරවත් ලෙස පැවැත්වීමෙන් කරදර බාධා අනතුරු පීඩා ගෙන දීමට ද හැකිය.
මේෂ ලග්නය
මේෂ ලග්නයේ නවවැන්න හෙවත් ධර්මස්ථානයට සිකුරු පැමිණීම සුබයි. මේ වන විට නවය අධිපති ගුරුද දෙවැන්නේ බැවින් යහපත උදාකරන අතර පෙර පින් බලය මතු වී කරන කියන කටයුතු දියුණුවේ. සැප සම්පත් ආදිය ලැබේ. මහා පරිවර්තන යෝගය ද පවතී.
වෘෂභ ලග්නය-
දැන හෝ නොදැන හිතට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ තිබේ. රෝග පීඩාවලට මෙන්ම සතුරුකරදරවලට ලක්වීමට ඉඩ තිබේ. කල්පනාකාරීව කටයුතු කළයුතුය. ලග්නාධිපති සහ අට අධිපති අතර පරිවර්තන යෝගය පවතී.
මිථුන ලග්නය-
තැන්පත් ගති ඉරියව් මෙන්ම අහංකාර ගතිද ඇතිවේ. ඉගෙනීමේ යෙදෙන අය සැලකිලිමත් විය යුතු ය. හවුල් කටයුතුවලින් අලාභහානි ඇතිවිය හැකිය. යුග දිවියට බාධා ඇතිවීමට ද ඉඩ තිබේ. පස්වැන්නාධිපති සහ හත අධිපති අතර මහා පරිවර්තන යෝගය පවතී.
කටක ලග්නය-
සිකුරු හයවැන්නට පැමිණීම තරමක් සුබ මදය. ශරීර සනීපයට අහිතකර වේ. සතුරු කරදර ඇති විය හැකිය. ගුරුගේ පරිවර්තන යෝග බලය අනුව කරදර අඩුකරගෙන කටයුතු කළ හැකිය. හය වැන්න සහ එකොළොස්වැන්න අධිපති අතර පරිවර්තන යෝගය පවතී.
සිංහ ලග්නය-
සිංහ ලග්නයේ පස් වැන්නට සිකුරු පැමිණීම සුබයි. ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කළ හැකිය. රැකියාව, පවුල් සංස්ථාව, සංගීත කලා සෞන්දර්ය අංශ දියුණුවේ. පස්වැන්නාධිපතිවන දස වැන්නාධිපති අතර මහා පරිවර්තන යෝගය පවතී.
කන්‍යා ලග්නය-
කන්‍යා ලග්නයේ සිව්වැන්නට සිකුරු පැමිණීම සුබයි. දිග්බලයෙන් යුතුය. සාමය, සතුට ගෙන දෙන අතර දියුණුව ද ඇති කරයි. නොයෙක් ලාභද ඇති කරයි. ගෙදර දොර අලංකාර කරගත හැකිය. ගුරු සිකුරුගෙන මහා පරිවර්තන යෝගයද යෙදී ඇත.
තුලා ලග්නය-
තුලා ලග්නයේ තුන්වැන්නට සිකුරු පැමිණෙයි. අලංකාරයට කැමතිවන අතර සැහැල්ලුවෙන් කටයුතු කළ හැයිය. ගමන් බිමන්, කලා කටයුතුවලින් වාසි ඇතිවේ. කන්වල සෙම්රෝග පීඩා ඇතිවිය හැකිය. තුන්වැන්න සහ අටවැන්න අධිපති අතර පරිවර්තන යෝගය යෙදී ඇත. එයින් උත්සාහය අඩුවීම, කෝපවීම වැනි ඇතිවිය හැකිය.
වෘශ්චික ලග්නය-
වෘශ්චික ලග්නයේ දෙවැන්නට සිකුරු පැමිණේ. හිතේ යහපත් ගුණ ගරුක මෛත්‍රී සිතුවිලි පහළ වේ. සතුරු කරදර නොවේ. ධනය බලය ඇති කරයි. කරන කියන කටයුතු දියුණුවේ. උගුරේ බෙල්ලේ සෙම් අමාරු දත්වල අමාරු ඇති විය හැකිය. දෙවැන්නාධිපති සහ සත්වැන්නාධිපති අතර මහා පරිවර්තන යෝගය පවතී.
ධනු ලග්නය-
ලග්නයේ සිකුරු ධනය ලැබීම, ආදායම් මාර්ග සරු සාර වීම පෙන්නුම් කරයි. ගෙදර දොර දියුණුව, දේපළ ඉඩ කඩම් වාසනාවද මතු කරයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. හිසේ සෙම් දෝෂ පීඩා, උදරගත රෝග ඇතිවිය හැකිය. ලග්නාධිපති සහ හයවැන්නාධිපති අතර පරිවර්තන යෝගය පවතී. සතුරු කරදර ඇතිවිය හැකිය.
මකර ලග්නය-
මකර ලග්නයෙන් දොළොස්වැන්නට සිකුරු පැමිණෙයි. අවබෝධයෙන් තොරව සැහැල්ලුවෙන් කටයුතු කිරීමට සිතයි. ඉගෙනීමට බාධා ඇතිවිය හැකිය. රැකියා ආදියට බාධා කරදර ඇතිවිය හැකිය. වියදම් වැඩිවේ. හිසේ, ඇස්වල අමාරු ඇති විය හැකිය. පස්වැන්න සහ දොළොස්වැන්නාධිපති අතර පරිවර්තන යෝගය පවතී.
කුම්භ ලග්නය-
කුම්භ ලග්නයෙන් එකොළොස්වැන්නට සිකුරු පැමිණෙයි. රැකියා, ඉගෙනීම් ආදියට සුබයි. ආර්ථිකය යහපත් වේ. යහපත් අදහස් ද ඇතිවේ. දරුවන්ගේ දියුණුව දේපළ දියුණුවද ඇති කරයි. සිව්වැන්න අධිපති සහ එකොළොස්වැන්න අධිපති මහා පරිවර්තන යෝගයා පවතී.
මීන ලග්නය-
දස වැන්නේ සිකුරු සුබපල ගෙනේ. රැකියා ව්‍යාපාර කටයුතු දියුණුවේ. රහස් සතුරු කරදරවලින් දියුණුවට බාධාද ඇතිවිය හැකිය. ගෞරවයද හානි විය හැකිය. යහපත් මිතුරන් ඇති වේ. දැනුම, බුද්ධිය දියුණු වේ. තුන දහය අධිපතීන් අතර පරිවර්තන යෝගයකි.