අකුරු කියවීමට සුබ මුහුර්තයක්

ජනවාරි 31, 2025

2025 වර්ෂයේ පළමු විද්‍යාරම්භය හෙවත් අකුරු කියවීමේ නැකතක් පෙබරවාරි මස 07 වැනි කිවි දින පෙ.ව. 09.18ට දකුණු දිශාව බලා ශුභව පවතී. එදිනට විශේෂ ග්‍රහ පිහිටීම් කිහිපයක්ම යෙදී ඇත. අධ්‍යාපන කටයුතු, කලා කටයුතු වැනි ශාස්ත්‍රීය කටයුතු ආරම්භ කිරීමට ඉතාමත් සුබ නැකතක් වශයෙන් සැලකිය හැකිය.

එදින පංචාංගය ගැන බැලීමේදී සිකුරාදා දිනයත්, පුර දසවක තිථියත්, සඳු හිමි රෙහෙණ නැකතත් යෙදී ඇත. තවද ග්‍රහ බලය පිළිබඳ සලකා බැලීමේදී තත්කාල ලග්නයේ සිකුරු උච්ච බලයෙන් ද චන්ද්‍රයා වික්‍රමස්ථානයේ උච්ච බලයෙන් ද බ්‍රහස්පති සමඟ යෝගව සිටී. රවි හා බුධ අයස්ථානය වූ 11 වැන්නේ සුබව පිහිටා ඇත.

එමඟින් අපගේ කාර්යයන් සඳහා ඉතාමත් සුබ ප්‍රතිඵල ලැබෙනු ඇත. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවන, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත්වලින් උපන් අය සඳහා මේ නැකත් දිනය සීහෙන අතර අකුරු කියවීමට බලාපොරොත්තු වන දරුවන් සඳහා ගණ දෙවි, සරස්වතී දෙවියන්ට පුද පූජා තබා අකුරු කියවීම සුදුසු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.