2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා 
ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 05.54 
රාහු කාලය - සවස 04.24 - 05.54 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. 
 
වෘෂභ 
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. 
 
මිථුන 
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
 
කටක 
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි. 
 
සිංහ 
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි. 
 
කන්‍යා 
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
 
තුලා 
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. 
 
වෘශ්චික 
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. 
 
ධනු 
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
 
මකර 
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ. 
 
කුම්භ 
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි. 
 
මීන 
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.