2024.10.10 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 10, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - දවල් 01.27 - 02.58
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.

වෘෂභ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරයි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.

මිථුන

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ශාරීරික වෙහෙසීම් ගෙන දෙන බවක් පෙනේ.

කටක

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.

සිංහ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කර ගැනීමට වෙහෙසක් දරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

තුලා

අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු සිදු කරයි. උරුම හිමිකම්වලින් අතමිට සරු කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. සෙම් රෝගයෙන් පීඩා විඳින දිනයකි.

වෘශ්චික

වියදම් පක්ෂය අධික කරයි. ගතට සිතට අවිවේකී බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදෙනු ඇත.

මකර

ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. උගුර ආශි‍්‍රත ආබධයකට ප්‍රතිකාර පතන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරයි. තරමක් දුරට කලබලකාරී ගති පැවැතුම් ඇති කරයි. රැකියා ස්ථානයේ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.

මීන

හිස, පපුව ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුකරන බවක් පෙනේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.