අශ්මරි රෝගය මුත්‍රාගල්

ජනවාරි 11, 2019

ලංකාවේ බොහෝ දෙනෙක් අනේකවිද පීඩා විඳින රෝගයක් වන මුත්‍රාගල්, අපිරිසුදු ජලය, අපිරිසුදු ආහාර, අවිදිමත් ඇවතුම් පැවතුම්, අධික කැල්සියම් බහුල ආහාර, පැණිබීම, නිතර භාවිතයෙන් වැළඳෙන මෙම රෝගය නිසා ජීවිතය පවා හානිකර භාවයකට පමුණුවයි.

ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව වැළඳෙන මෙය, වකුගඩුවල, මුත්‍රාශයේ, පිත්තාසයේ හටගන්නා මෙම ගල් කුඩා අවදියේම දියකර හෝ හැලීමෙන් මහත් සහනයක් ගෙනදේ. වකුගඩුව වසා බේරූ ගල් 10, 20 තෙක් වර්ධනය වීම තුළින් ජීවිත අවදානමකට භාජනයවීමට පුළුවන. වමනය, වකුගඩු දෙස අධික වේදනාව, මුත්‍රාස කොටස අධික වේදනාව, මුත්‍රා පහනොවීම, ආධී නොයෙක් ආසාදන සිදුවේ.

බටහිර වෛද්‍ය ක්‍රමයේ, ශල්‍යකර්මයක් තුළින් ගල් ඉවත්කරයි. කිරනයක් තුළින් ගල් කුඩු කරයි. වකුගඩුවට හානි වූ අයද අප දැක ඇත. පුරාණ කාලයේ දැකිය නොහැකි නානාවිධ රෝග වර්තමානයේ බුරුතුපිටින් පහළ වන්නේ අපගේම ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයකි.

ලංකාවේ, ශරීරයේ කැපූ, කෙටූ අය බහුලය. එය බටහිර වෛද්‍ය ක්‍රමයේ විශ්කම්භයක් සේ සැලකුවත්, හෙළ වෙදකමේ එවැන්නක් දිස් නොවේ. කෂායක්, කල්කයක්, ගුලියක්, කුඩක්, අරිෂ්ටයක් තුළින් විශ්මිත දේ සිදුවේ. එහෙත් එය රාජ්‍ය හෝ රාජ්‍ය නොවන කිසිවෙක් අගය නොකරයි. එයට හේතුව, සිංහලයාගේ පරදේශක්කාරයන්ට ගැතිවීමයි. අපේ දේ අඩුතක්සේරුවලට ලක් කිරීමයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික සර්වාංග වෛද්‍ය සුනිල් වීරසේකර

හෙළ වෙද මැදුර

කාලිගල

072 9063573

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.