වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී මියුරු සම්පත් ලියනගේට පීපල්ස් පිනකල් විශිෂ්ටතම ඡ්‍යොතිෂවේදී සම්මානය
සියලු සමීක්ෂණ වාර්තා තුළින් මාධ්‍ය, කලා, ව්‍යාපාරික ඇතුළු විවධ ක්ෂේත්රවල බිහිවූ ප්‍රථමයන් හා විශිෂ්ටයන් අගයමින් මෙවරත් “පීපල්ස් පිනකල්” සම්මාන රාත්‍රිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිමි වූ ලංකාවේ අංක එකේ ඡ්‍යොතිෂවේදියා සම්මානය මින් පෙරත් දිනාගත් විශ්වශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහතා මෙවරත්, වසරේ විශ්ෂ්ටතම, දක්ෂ ඡ්‍යොතිෂවේදියා මෙන්ම වසරේ ජනප්‍රියම ඡ්‍යොතිෂ යූ ටියුබ් චැනලයට හිමි සම්මාන ද්විත්වයම දිනාගත්තේය. ඔහු සුබසෙත පුවත්පතට ලිපි මෙන්ම සුබසෙත යූටියුබ් නාළිකාවට වැඩසටහන් සපයන ජෛ්යාතිෂවේදීයකු වේ. හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අතින් ඔහුගේ සම්මානය ලබාගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ.