වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක්
බොරැල්ල තිඹිරිගස්යාය ප්‍රජා සෞබ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් ලංකාරාම වඩිහිටි නිවාසයේදී වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.
දැනුම මිනුම තරගයක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව “සුපසන් දැනුමෙන් සුවපත් දැයකට” තේමාව යටතේ අන්තර් පාඨශාලීය දැනුම මිනුම තරගයක් මේ මස 25 වැනි දින පෙරවරු 9.00 ට කොළඹ 07, විජේරාම මාවතේ සුවසිරිපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
තෝරාගත් කණ්ඩායම් 03ක් පෙබරවාරි 07 වැනි දින අවසන් මහා තරගයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරී ශලිනි රාජපක්ෂ මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. පාසල් 626ක 8 සහ 9 යන වසරවල සිසුන් අතර පැවති මේ තරගයේ කලාප දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් අවසන් කර ඇති තරග සඳහා මූල්‍ය දායකත්වය යුනිසෙෆ් ආයතනයෙනි.
ජයන්ති කුරේ