සහකරුගේ කේන්දරයෙන් බිරිඳගේ වගතුග

ඔක්තෝබර් 4, 2024

පසුගිය සතියේ බිරිඳගේ වගතුග කියන සැමියාගේ කෙන්දරය නම් ලිපියෙන් අපි දේවතාවන් බඳු ස්ත්‍රී පුරුෂයන්, මෙන්ම මළමිනී බඳු ස්ත්‍රී පුරුෂයන් එක්වීමෙන් ඇති වන යුගදිවි සම්බන්ධව සාකච්ඡා කළෙමු. පුරුෂයා සංසාරගතව කළ පින් පවු අනුව ලැබෙන භාර්යාවගේ ලක්ෂණ පිළිබඳ අස සොයා බලමු.

1. වධක භාර්යාව

ස්වාමිපුරුෂයා කෙරෙහි නිතර නිතර වධ දෙන භාර්යාවන් අප සමාජගතව කොතෙකුත් ඇත. ඔහුගේ වැරැදි, ඇදකුද නිතරම සොයන ස්ත්‍රීහු අප සමාජගතව ජීවත්වෙති. රසමුසු ආහාරපාන මෙන්ම අලංකාර රත්රන්, බඩු භාණ්ඩ, ආකර්ෂණීය ඇඳුම් පැලඳුම් ආදී දේ නොලබන බිරින්දෑවරුන් කඩා පැන පැන හඬ නඟා දෙඩවිලි බස් සමඟ දොස් පරොස් ස්වාමියාට තබනු ඇත. නිතර ස්වාමිපුරුෂයා සමඟ අඬදබර කරන ස්වාමියාගේ අඩු ලුහුඬුකම් පවස පවසා දොස් පරොස් තබන බවක් වර්තමානයෙහි බහුලව ඇත. ගෙදර දොර බඩු භාණ්ඩ පිරිසුදුව නොතබන අර පිරිමැස්මක් කවරදාකවත් නොමැති බොළඳ වූ ස්ත්‍රීන් බිරින්දෑවරු ලෙස ජීවත්වෙනු ඇත. විවිධ දොස් පවසමින් දහසක් වැරැදි එක් ක්ෂණයකින් වසා දමා දිවුරයි. වධක භාර්යාවන් මෙන්ම පොදුවේ ගත් කල ඇතැම් ස්ත්‍රීන්ද ගෙදර දොර විනාශය කරා යැවීම පමණක් නොව කිසිදු නිවැරැදි වැඩ කොටසක් නොකරමින් විනාශය කරා ඇද දමන බව දක්නට ඇත.

2. චෝර භාර්යාව

නිතරම පාහේ අඬදබර කරන, අන්‍ය පුරුෂයන් තුටුපහටු කෙරෙන, උඩඟු අහංකාර, නිතර වහසිබස් දොඩන බිරින්දෑවරුද අප ජීවත්වන සමාජ තලය පුරා බහුල කෙරෙයි. ස්වකීය ස්වාමි පුරුෂයා කෙරෙහි කරුණාව, මෛත්‍රියක් කිසිදා නොමැති සොර සැමියන් සොය සොයා ඔවුනට සලකනු ලබන ගස්සන, පද්දන ගමන් තරුණ පුරුෂයන් කෙරෙහි නිතර ඇදෙනු පෙනී යයි. සැමියාගේ අඩු ලුහුඬුකම් සොය සොයා අසල්වැසියන් දැනුම්වත් කරයි. සොර ලෙඩදුක් පවසමින් ඇය අයාලේ යනු ඇත. ස්වාමියා ලවා මෙවැනි ස්ත්‍රීහු ස්වකීය වැඩකටයුතු සියල්ල කරගනු ලබයි. මෙවන් ස්ත්‍රීහු වාද විවාද පවත්වමින් දවස ගත කරනු ලබයි.

 

3. ස්වාමි භාර්යාව

අපේ ගෙදර නම් මට ඕනෑ කෙරෙන විධියටම තමා වැඩ එයාට ඕනෑවිදියටම වැඩ කරගෙන ගියොත් හොඳටම තියෙයි. මෙවැනි ස්වාමි භාර්යාවන් තමන් විසින් ගෙදරම පාලනය කරනවා පමණක් නොව ස්වාමියාද ස්වකීය වැඩපලට හරවා ගනු ලැබෙනු ඇත.

මුල් තැන නොලැබෙන සෑම අවස්ථාවකදීම රණ්ඩු සරුවල් ඇතිකරගනු ලබයි. අසල්වාසීන් සමඟද අඬදබර ඇතිකර ගනු ලබයි. ස්වාමියා සොයන ධනය පවා පාලනය බිරිඳ විසින් වියදම් කරනු ඇයට වුවමනා පරිදිම වෙයි. ස්වකීය දැන උගත්කම් හැකියාවද ස්වාමියාට පෙන්වනු ඇත.

මෙවැනි බිරින්දෑවරු ගහේ මුදුන් අත්තටම යවා බාහිර අසල්වැසි පුරුෂයන් ඔවුන්ගේ අඬු ලුහුඬුකම් සඵල කරගනු ලබයි. මොවුන් කිසිදුතම ආකාරයකට මර්දනය කරගත නොහැකි බවක් පිළිබිඹු කෙරෙනු ඇත.

4. මාතු භාර්යාව

මැය අතිශය කාරුණික ස්වාමියාට මෑණියක මෙන් ආදරය කරුණාව දක්වන සුලු වන්නීය. තම ස්වාමි පුරුෂයාට අවනතව ගෙදර දොර කටයුතු සියල්ල කොට නිමා කරනු ලබයි. ස්වාමියාගේ වැරැදි පසු පස හඹා නොයයි. සැමියා කෝප සහගතව හැසිරෙන මොහොතක ඇය ඉතා කාරුණිකව විහිළු තහළුවෙන්ම ක්‍රියා කරනු ඇත. මවක මෙන් කටයුතු කරන ඇය ස්වාමියාට සත්‍යය පහදා දී නිවැරැදි මඟට ගනු ලබයි. මෘදුගති, තදගති සුදුසු පරිදි සිද්ධවිය යුතු බැව් මෙවැනි බිරින්දෑවරු දන්නා දෙයකි. මෙවැනි වනිතාවන් වාසය කරන නිවාසයන්හි ස්වාමිපුරුෂයන් යහමගට ගනු දක්නට ලැබෙනු ඇත. සුරවිමන්බදු දියුණු සහගත ආකර්ෂණීය නිවාසද මෙවැනි යුගදිවි සහිත පවුල්වල වර්තමානයෙහි ද දක්නට ලැබෙනු ඇත.

5. භගිනි භාර්යාව

වාසනාවන්ත සත්‍යය කතා කරන භාග්‍යමත් කුල කාන්තාවක ලෙස මෙවන් කාන්තාවන් හැඳින්විය හැකිය. බොරු ගතු කේළම් නොකියන ස්වාමියාගේ දේපළ වස්තුව අන්‍ය ජනයාට තෑගි නොකරන භගිනි භර්යාව සහෝදරියක මෙන් හැසිරෙයි. පර පුරුෂයන් පිළිකුල් කෙරෙනු ඇත. සැමියාගේ සියලු කටයුතු කෙරෙහි අවධානය යොමු කොට අනුග්‍රහය ලබාදෙයි. ඇය රූපයෙන්ද ගුණයෙන්ද අතිශය යහපත් වෙයි. ආයු සැප බල ප්‍රඥා වර්ධනය කෙරෙමින් කුලය බබුළුවමින් භගිනි භාර්යාව කාලය ගත කරනු ලබයි. පරුෂ වචන හෝ බාල බොළඳ නහීන දීන හීන කතන්තර දිග නොහරින් ළයාන්විත මිහිරාවියක් බවට පණ්ඩිතවරුන් එබදුතම වූ ලලනාවන් හඳුන්වා ඇත. කිසිදු මොහොතක තම වාසිය ලෙහෙසිය පහසුව ආශි‍්‍රතව ක්‍රියා නොකරන සුළු ගුණාත්මක මිහිරාවියකැයි උගතුන් විශ්වයට ඇය වැනි ස්ත්‍රීන් හඳුන්වාදීම අතිශය ප්‍රශස්ත වූවෙකි.

6. සඛී භාර්යාව

හිතාදර මිතුරියකසේ රන්රුවන් පරදන අතිශය වැදගත් කාන්තාවකි. ස්වාමි පුරුෂයාගේ ධනය බලය කරන ආරක්ෂා කරන සුපින්වන්ත ළයාන්විත වූ ලලනාවකි. එසේම ස්වාමිපුරුෂයා ඈත දුර බැහැරක හෝ නිදුරුව සිටින අවස්ථාවක හෝ අල්ලාප සල්ලාපයන්හි නොයයි. ආදරවන්ත තම ස්වාමියාගේ පාමුල වැටෙමින් වරදකදී කරුණු කාරණා කියා දෙනු ලබයි. ස්වාමියාගේ සිත රිදෙන සේ කතා නොකරයි. ඉඩකඩම් ගෙදර දොර පිරිසුදුව තබා ගනු ලබයි. ගෙදර දොර සැමට පළමුව නින්දෙන් අවධිව කටයුතු කිරීමත් සියල්ලට පසුව නින්දට යාමද භාර්යාවකගේ වැදගත් ලක්ෂණයයි. ලලානවන් අගතැන්පත් ආකර්ෂණීය කටහඬ, බැල්ම, හැසිරුව අමිල ඇගයීමකි. ගමනට බිමනට ස්වාමියාට සියල්ල සූදානම් කරනුයේද මෙවැනි උසස්තම වැදගත් අංගනාවන් වෙයි. තැනට සුදුසුව ක්‍රියා කරන, මනා ඉරියවු පවත්වන අභිරූපිකාවක ලෙස සඛී භාර්යාවක හඳුන්වා දිය හැක.

7. දාසි භාර්යාව

කෙතරම් ධන ධාන්‍ය දේපලවස්තු ලදුවත් අහංකාර නොවන, කාරුණික අවිහිංසාවාදී සුපෙම්බර වනිතා රත්නයෙකි. අගනා මැණිකකි. දුක සැප දෙකෙහිදී මෙන් වයසට පත්වුණායයි අහක නොබලන පරපුරුෂගාමී නොවන අති සුන්දරතම ඉමිහිරි මිහිරාවියකැයි දාසි භාර්යාව හඳුන්වා දිය හැකිය. කුලය, ධනය, බලය ආදී කරුණු කාරණා මතද උඩඟු නොවන සුලුවෙයි. ඉතා ගුණ යහපත් බිරිඳක සිටින නිවහන සිරිකත වාසය කරන ස්ථානයක් සහ සමාන වෙයි. අති සුන්දර සොබා සෞන්දර්යමත් පරිසරයකින්ද යුතු වූ භූමි නිවාස ලද පුරුෂයා හා සමානව ස්ත්‍රියකව ද නිවසට ගමට, රටට, වැඩදායක ශුභදායක පරම රමණීය වස්තු වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.