2024.09.22 ඉරිදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය -සවස 04.36 - 06.07
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ගැටලු කීපයකින් නිදහස සැලසෙන දිනයකි.

වෘෂභ

නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන බවක් පෙනේ. දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා දිනයකි.

මිථුන

පොත පතට දැඩි ඇල්මක් ආශාවක් දක්වයි. වෙනදාට වඩා ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක

ගතට සිතට නොසන්සුන්තාවයක් ඇති කරයි. ආගමික භක්තිය වැඩිකරන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අමතර ගමන් යෙදෙන දිනයකි.

සිංහ

තැන තැන ඇවිදිලි ඇති කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. ගනුදෙනුවකින් නිදහස සැලසෙන දිනයකි.

කන්‍යා

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පිඩාගෙන දෙන දිනයකි.

තුලා

සැලසුමක් සාර්ථක කරන දිනයකි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. ප්‍රභූ උපකාරයක් හිමිවන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතු අධිකවන බවක් පෙනේ.

කුම්භ

පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මීන

සිතට දුක් සහිත කරදර කීපයක් සිදු කරයි. සිත් අමනාපයක් දුරදිගයාමට ඉඩ ඇත. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.