2024.09.10 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 10, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.14
රාහු කාලය - සවස 03.11 - 04.43
සුබ දිශාව - උතුර

 

මේෂ

අවිවේකී බව තරමක් දුරට මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කීපයක් යෙදේ. අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

වෘෂභ

දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. පොත පත කියවීමට කැමැත්තක් දක්වයි. සමාජ ගෞරවයට පාත්‍රවන දිනයකි.

මිථුන

අසරණ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අලුත් ප්‍රේම සබඳතාවයකට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

කටක

දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ගේ දොර අලංකාරයට අවස්ථාව උදා කරයි. සෙම් දෝෂයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර පතයි.

සිංහ

පි‍්‍රයමනාප ගති පැවැතුම් ඇති කරන දිනයකි. දෑතේ මහන්සියෙන් කරන කටයුතු අධික කරයි. නිතර අදහස් වෙනස් කරන බවක් පෙනේ.

කන්‍යා

විනෝදයට කැමැති බවක් පෙනේ. බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. මිහිරි ආහාර පාන කෑමට පි‍්‍රය කරන දිනයකි.

තුලා

ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

වෘශ්චික

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

ධනු

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මකර

නිතර නිතර අදහස් වෙනස් කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ.

කුම්භ

සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අවිවේකී බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදු කරන දිනයකි.

මීන

සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.