සතියේ පඤ්චාංගය

ජුනි 14, 2024

ශකවර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 32 භාග පොසොන් පුර අටවක තිථියලත් කිවිදින සිට මිථුන රවි 06 භාග පොසොන්පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – වෘෂභ (15 දා රාත්‍රි 12.27 මිථුන)

කුජ - මේෂ

බුධ - වෘෂභ (14දා රාත්‍රි 11.05 මිථුන)

ගුරු – වෘෂභ

ශුක්‍ර – මිථුන

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - මුවසිරස

කුජ - අස්විද ( 19 දා සවස 03.04 බෙරණ)

බුධ - මුවසිරස (18 දා රාත්‍රි 12.13 අද)

ගුරු - රෙහෙන

ශුක්‍ර - මුවසිරස ( 18 දා අලුයම 04.45 - අද)

ශනි - පුවපුටුප

රාහු - රේවතී

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

පෝය

මේ සතිය තුළ පෝය යෙදී නැත

චන්ද්‍ර චාරය

14 දා දහවල් 11.56 කන්‍යා

17 දා රාත්‍රි 12.34 තුලා

19 දා දහවල් 11.03 වෘශ්චික

 

දිනූ තත්ත්ූවය

ජූනි 14 සිකුරාදා

 

වෘෂභ රවි 32 භාග පොසොන්පුර අටවක ලත් කිවිදින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.26 පුවපල් නැකත අලුයම 05.10න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. පොසොන්පුර අටවක තිථිය දවස පුරාම යෙදී පවතී. සිද්ධි යෝගය රාත්‍රි 07.08න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 10.50න් ගෙවී බවකරණය ලබා පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - ගිනිකොන

යෝගිනි -ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

 

ජූනි 15 සෙනසුරාදා

මිථුන රවි 01 භාග පොසොන්පුර නවවක ලත් ශනි දින ඉර උදාව 05.55 ඉර බැසීම 06.27 උත්‍රපල් නැකත උදේ 08.15න් ගෙවී හත නැකත ලබයි. පොසොන්පුර අටවක තිථිය අලුයම 12.06න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය රාත්‍රි 08.10න් ගෙවී වාරියන් යෝගය ලබයි. බවකරණය අලුයම 12.06න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 01.20න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - නැඟෙනහිර

යෝගිනි - නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

ජූනි 16 ඉරිදා

මිථුන රවි 02 භාග පොසොන්පුර දසවක තිථිය ලත් රවිදින ඉර උදාව 05.56 ඉර බැසීම 06.27 හත නැකත දහවල් 11.12න් ගෙවී සිත නැකත ලබයි. පොසොන්පුර නවවක තිථිය අලුයම 02.33ක් න් ගෙවී පුර දසවක තිථිය ලබා පවතී. වාරියන් යෝගය රාත්‍රි 09.01න් ගෙවී පරිඝ යෝගය ලබයි. කෞලවකරණය අලුයම 02.33න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.40න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - උතුර යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

 

ජූනි 17 සඳුදා

මිථුන රවි 03 භාග පොසොන්පුර එකොළොස්වක තිථිය ලත් සඳුදින ඉර උදාව 05.56 ඉර බැසීම 06.27 සිත නැකත දහවල් 01.48න් ගෙවී සා නැකත ලබයි. පොසොන්පුර දසවක තිථිය අලුයම 04.45න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. පරිඝ යෝගය රාත්‍රි 09.32න් ගෙවී ශිව යෝගය ලබයි. ගරජකරණය අලුයම 04.45න් ගෙවී වණිජ කරණය ලබා එය සවස 05.36න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව -ඇස

මරු - වයඹ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - උතුර

 

ජූනි 18 අඟහරුවාදා

මිථුන රවි 04 භාග පොසොන්පුර දොළොස්වක තිථිය ලත් කුජ දින ඉර උදාව 05.56 ඉර බැසීම 06.27 සා නැකත සවස 03.53 න් ගෙවී විසා නැකත ලබයි. පොසොන්පුර එකොළොස්වක තිථිය උදේ 06.26න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබයි. ශිව යෝගය රාත්‍රි 09.36න් ගෙවී සිද්ධ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.26න් ගෙවී බවකරණය ලබා එය සවස 06.59න් ගෙවී බාලවකරණය උදාව පවති.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - බටහිර

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

ජූනි 19 බදාදා

මිථුන රවි 05 භාග පොසොන්පුර තෙලෙස්වක තිථිය ලත් බුධ දින ඉර උදාව 05.56 ඉර බැසීම 06.28 විසා නැකත සවස 05.20න් ගෙවී අනුර නැකත ලබයි. පොසොන් පුර දොළොස්වක තිථිය උදේ 07.28න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය රාත්‍රි 09.09න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බාලවකරණය උදේ 07.28න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 07.41න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව - බැම

මරු - නිරිත යෝගිනි - දකුණ

සුබ දිසාව - උතුර

 

ජූනි 20 බ්‍රහස්පතින්දා

මිථුන රවි 06 භාග පොසොන්පුර තුදුස්වක ලත් ගුරුදින ඉර උදාව 05.56 ඉර බැසීම 06.28 අනුර නැකත 06.07 න් ගෙවී දෙට නැකත ලබයි. පොසොන්පුර තෙලෙස්වක තිථිය උදේ 07.50න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය රාත්‍රි 08.09න් ගෙවී ශුභ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.50න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 07.43න් ගෙවී වණිජ කරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - නළල

මරු - දකුණ යෝගිනි - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.