2024.04.07 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 7, 2024

ඉර උදාව - පෙ.ව. 06.06
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 04.47 - 06.19
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

පවුලේ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට කරුණු ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මිථුන

අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙන්නුම් කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. හිතවතුන්ගෙන් උපකාර හිමිකරන දිනයකි.

කටක

ගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා විවේකය අඩුවන බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නීති සහන පතන දිනයකි.

සිංහ

නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදු වෙයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හෝ මූත්‍ර ආබාධයක් මතුවිය හැකි දිනයකි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීමට වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

තුලා

විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්තිවිඳීමට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

ඥාති හිතවතුන්ගෙන් ප්‍රශංසා හිමිකරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ශාරීක වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුලවන දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

කුම්භ

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් ආදායම් මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

මීන

අවිවේකී දවසක් වන අතර සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම පවුලේ බැඳීම් වැඩිවන කරුණු කීපයක් සිදු කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.