2024.03.25 සඳුදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 25, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.12
ඉර බැසීම - ප.. 06.21
රාහු කාලය - උදේ 07.43 - 09.14
සුබ දිශාව - දකුණ

 

මේෂ

ශාරීරික වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ගේදොර කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු දිනයකි. දේපළ ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. උසස් අධ්‍යයන ජයග්‍රහණයක් අසන්න ලැබෙන දිනයකි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න.

මිථුන

වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ කොන්ද ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවීමට ඉඩ ඇත. ගනුදෙනුවක් සාර්ථක කරන දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ගෙන දෙන බවක් පෙනේ. පවුලේ අයගේ ප්‍රසාදය පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරන දිනයකි.

සිංහ

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස් වීමට කරුණු සැලසේ. අලුත් ආදායම් මාර්ග හිමි කරන දිනයකි.

කන්‍යා

උසස් අධ්‍යාපනික කටයුතු සම්බන්ධ ජයග්‍රහණයක් බලාපොරොත්තතු විය හැකි දිනයකි. නිතර නෑදෑ හිතවතුන්ගෙන් පැසසුම් හිමි කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු සැලසෙන අවස්ථා හිමිකරයි.

තුලා

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. යටපත් වූ වාත අමාරුවක් නැවත මතු කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු යෙදෙන බවක් පෙනේ.

වෘශ්චික

හිතුවක්කාර ලෙස තීරණ ගන්නා බවක් පෙනේ. තමාට නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. මවගේ් අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. පැවැති වගකීමකින් නිදහස අත් කරන බවක් පෙනේ. ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. වියදම් අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. මෙතෙක් අවහිරතා ගෙනදුන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාස බිඳවැටීමක් සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.