2024.03.16 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.17
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 09.18 - 10.49
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත්වන බවක් පෙන්නුම් කරයි. පැවැති ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

කටක

වගකීම් බහල කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරන බවක් පෙනේ.

සිංහ

ඥාතීන් නිසා සිත්තැවුලක් අත් කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. නිතර පින්දහම් කටයුතුවලට සම්බන්ධවීමට සිදුවෙයි.

කන්‍යා

විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පැවැති අසනීපයකින් සුවය අත්වන දිනයකි.

තුලා

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

වෘශ්චික

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු සම්බන්ධ උනන්දුව ඇති කරයි. හදිසි ලාබ හිමිකරන දිනයකි.

ධනු

විශේෂ සැලසුමකට අත ගසන බවක් පෙනේ. රැකියාවේ වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ව්‍යාපාර ලාබ හිමිකරන දිනයකි.

මකර

නොසිතූ වියදමක් දැරීමට සිදුවන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතුයි. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවන දිනයකි.

මීන

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ දානමය පින්කමකට සහභාගිවීමට අවස්ථාව යෙදෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.