2024.02.13 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 13, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - සවස 03.23 - 04.53
සුබ දිශාව - උතුර

 

මේෂ

පවුලේ බැඳීම් වැඩි කරන දිනයකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හදිසි තීරණයක් සාර්ථක කරයි.

වෘෂභ

වගකීම් බහුල දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. රැකියා ලාභ හිමිකරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

මිථුන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලට අලුත් සාමාජිකයෙකු එක්විය හැකිය. නිතර පුණ්‍ය කටයුතුවල නිරතවන බවක් පෙනේ.

කටක

හදිසි දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. එමෙන්ම තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කරන දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වනදාට වඩා ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙනේ.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් වැඩපිළිවළක් ආරම්භයට කටයුතු උදා කරයි. විභාග ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි.

තුලා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. නිතර ගේ දොර කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ආදායම් මාර්ගයකට හිමිකම් ඇති බවක් පෙනේ.

වෘශ්චික

අමතර වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. ආගමික නායකයන්ගේ පිහිට පතන බවක් පෙනේ.

ධනු

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වාහන ගනුදෙනුවකට ඉඩකඩ සැලසෙන දිනයකි.

මකර

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අමතර මුදල් වැඩිවන දිනයකි.

කුම්භ

විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

මීන

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර පවුලට යන එන අයකු පිළිබඳ විමසිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.