2024.02.03 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 3, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 09.26 - 10.55
සුබ දිශාව - දකුණ

 

මේෂ

ගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදාකරයි. හදිසි ගමනකට කටයුතු උදාකරන බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

දරුවන්ගේ කටයුතු හේතුවෙන් සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි. එමෙන්ම අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. තැන තැන ඇවිදිලි ඇතිකරන දිනයකි. දානමය කටයුත්තකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

කටක

අවිවේකී ලෙස දවස උදාකරයි. පවුලේ අය අතර සිත් නොහොඳකමක් ඇති කර ගනී. හදිසියේ ඇතිවන සෙම් අමාරුවකට ප්‍රතිකාර පතන දිනයකි.

සිංහ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. උදරයේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සිදුවන දිනයකි.

කන්‍යා

විශේෂ වරප්‍රසාද කීපයකට කටයුතු සැලසේ. සම්මාන සැලකිලි හිමිකරන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදාකරයි. උරහිස ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි.

තුලා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොකරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකීපයක් මතුකරයි. නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි.

ධනු

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන දිනයකි. පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරන බවක් පෙනේ.

මකර

වෙනදාට වඩා මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තීරණ ගැනීමේ දී කල්පනාකාරී විය යුතු දිනයකි.

කුම්භ

විශේෂ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. අලුත් රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මීන

පැවැති පීඩාකාරී බව මඟහැරී යන බවක් පෙනේ. හිතවතකුගේ සහාය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ අය අතර සහයෝගය උදාකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.