2024.01.28 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 28, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.29 
ඉර බැසීම - ප.ව. 06.18 
රාහු කාලය - සවස 04.49 - 06.18 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. එමෙන්ම වෙනදාට වඩා වගකීම් බහුලවන බවක් පෙනේ. ණය ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි. 
වෘෂභ 
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳව සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. 
මිථුන 
විශ්වාසවන්ත කරන බැඳීමකට හේතු ඇති කරයි. හදිසි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. 
කටක 
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. උරහිස ආශි‍්‍රත ආබාධයක් හට ගැනීමට ඉඩ ඇති දිනයකි. 
සිංහ 
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. 
කන්‍යා 
හදිසි කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකරගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න. පැවැති බාධා කීපයක් මඟහැරී යන දිනයකි. 
තුලා 
පැවැති වගකීමකින් නිදහස අත් කරයි. යටිබඩ ආශි‍්‍රත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. 
වෘශ්චික 
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. මුදල් ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන බවක් පෙනේ. 
ධනු 
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා දනට පිනට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. 
මකර 
යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා වැය පස අධික කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. 
කුම්භ 
අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. 
මීන 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.