2024.01. 24 බදාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.16
රාහු කාලය - දහවල් 12.22 - 01.51
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. යටපත් වූ පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන දිනයකි. විශ්වාසය බිඳ වැටීමකින් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

වෘෂභ

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

මිථුන

පවුලේ දානමය වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සමාජීය කටයුතුවලට වෙහෙසෙන දිනයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.

කටක

අමතර ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

සිංහ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ විමිසිල්මත් විය යුතුයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

කන්‍යා

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වන්න. සතුරු කරදරයක් ඇතිවිය හැකි දිනයකි.

තුලා

ඉක්මන් කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර මුදල් වියදම් වැඩි කරයි. ඥාතියෙකු හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේදයක් ඇති කර ගනී.

වෘශ්චික

අවුල්වියවුල්වලට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වියදම් පක්ෂය අධිකවන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. දුරගමනක් පිළිබඳ අදහසක් ඇති කර ගනී.

ධනු

පවුලේ වගකීමක් තමාපිට පැවරේ. පැවැති බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට කරුණු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

මකර

අලුත් කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයත් නැවත මතු කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි.

කුම්භ

අන් අයගේ උදව් උපකාර ලැබෙන දිනයකි. මුදල් ගනුදෙනුවක් ඉටුවන ලකූණු පෙන්නුම් කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.