2023.12.24 ඉරිදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 24, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - සවස 04.33 - 06.01
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. ඵලක් නැති දෙයට වියදම් කරන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. විශේෂ උත්සවයකට සහභාගිවීමට කටයුතු උදාකරන දිනයකි.

වෘෂභ

ළඟින් ඇසුරු කරන අයකු සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. විසිතුරු දේ කෙරෙහි සිත ඇදී යන දිනයකි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

මිථුන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කටක

හවුල් කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු කරන බවක් පෙනේ. විශේෂ ගමනකට සම්බන්ධ විය හැකි දිනයකි.

සිංහ

ඉක්මන් කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. ආගම දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

කන්‍යා

නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. අමතර ඉගෙනීම් මාර්ග කීපයක් ද ඇති කරයි. රැකියාවේ පැවැති ගැටලුවක් මඟහැරී යයි. වෙනදාට වඩා ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් කටයුතු කරන්න.

තුලා

උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. නිතර ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගන්නා බවක් පෙනේ. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා පිළිබඳ උනන්දුවකින් කටයුතු කරයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් උදා කරයි. පවුලේ කෙනකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලුත් රැකියාවක් පිළිබඳ වෙහෙසීම් ඇතිකරයි.

ධනු

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා තත්ත්වය උසස් කර ගැනීමට සිතන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

මකර

හදිසි සැලසුමකට අත ගැසීමට සිදුවේ. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි. පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරයි. මවුපස ඥාතියකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. පින් දහම් කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන දිනයකි.

කුම්භ

නිතර යෙදෙන ගමන් නිසා යොදාගත් වැඩසටහනක් වෙනස් කිරීමට සිදුවේ. ශරීර සෞඛ්‍යට බාධාගෙන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. රාත්‍රී ගමන් බහුලවන දිනයකි.

මීන

පවුලට යන එන කෙනකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පවුලේ කටයුතු පිළිබඳ උනන්දුව අඩුව යන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන දිනයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.