වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ග්‍රහයා වේ. එනිසා අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රධානියා, පියා වශයෙන් රවි ග්‍රහයා සැලකෙයි. කැති, උත්‍රපල්, උත්‍රසල නැකැත්...
2025-01-16 18:30:00
මේෂ, කටක, තුලා සහ මකර යන ප්‍රධාන සංක්‍රාන්ති හතර රටක් සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව පුරෝකථනය කළ හැකි තත්කාල සටහන් කිහිපයකි. එයින් මකර සංක්...
2025-01-16 18:30:00
පසුගියදා පීපල්ස් පිනකල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා අධ්යක්ෂ සුදත් රෝහණ මහතාට ඒරාෂ්ටක කාල වකවානු බලපා ඇති ආකාරය පිළිබඳව...
2025-01-16 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ මකර රවි 04 භාග දුරුතු අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග දුරුතු අව නවවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - මකරකුජ...
2025-01-16 18:30:00
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් ද මෙය...
2025-01-16 18:30:00
පාතාල නායකයකු වුවත් තමන්ගේ දියණියගේ ගෞරවය පිළිබඳ මහත් උනන්දුවෙන් පසුවන දෙනගම සුමංගල මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. එයට පණ පොවන්නේ...
2025-01-09 18:30:00
අප ජීවත්වන මේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා බව බොහෝ දෙනා දනිති. මෙකී සූර්යයා සතු චුම්බක නැතිනම් කාන්දම් ශක්තියේ බලපෑම හේතුකොටගෙන කුජ, බුධ,...
2025-01-09 18:30:00
මේ ජනවාරි 14 වැනි අඟහරුවාදා උදේ 08.56ට රවි ග්‍රහයා මකර රාශි ගතවීමෙන් බලගතු උභයචාරී යෝගයක් යෙදෙයි.ඇතැමුන්ට රවි ග්‍රහයා ස්වකීය සතුරු භවනයක් වන...
2025-01-09 18:30:00
අලුත් වසරක් උදාවන විට අලුත් හැඟුම් අලුත් බලාපොරොත්තු සමඟ වසර පුරා ආරක්ෂාව මුළු නිවෙසටම සලසා ගැනීමට අපි කවුරුත් යුහුසුළු වන්නෙමු.ඒ නිසා ඔබ බෞද්ධයකු...
2025-01-02 18:30:00
නූතන මානවයා තාක්ෂණය සමඟ බැඳී සිටියත් තවමත් රාශි චක්‍රය ගැන තියෙන විශ්වාස අඩුවී නැත. ආදී පාරම්පරික විශ්වාසයන් සමග බැඳී සිටින ඔවුහු යම් යම් උත්සව...
2025-01-02 18:30:00
මේෂ බාධක අවහිරතා අහෝසි වේ ලබන්නා වූ නව වසර ඔබට කිසියම් ශුභදායක තත්ත්වයක් උදාවන බව පෙනී යයි. නව වසරේ දී මෙතෙක් පැවති බාධක අවහිරතා අහෝසි වන...
2025-01-02 18:30:00
අස්විදමනා චින්තන ශක්තියකින් අනාගතය සැලසුම් කරන වසරකි. ගන්නා වූ තීරණ නිරවුල් වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම කටයුතු සාර්ථක ලෙස...
2025-01-02 18:30:00
වෙනදා මාසයකුත් දින 25 කින් රාශියක් පසු කරන කුජ මෙවර මාස අටකට අධික කාලයක් එනම්, ගෙවුණු ඔකතෝබර් 20 සිට 2025 ජූනි 7 දක්වා කටක මිථුන රාශිවල වක්‍ර වෙමින්...
2025-01-02 18:30:00
ලබන්නා වූ 2025 නව වර්ෂය සෞභාග්‍යමත් කර ගැනීම අප සැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාවයි. අරමුණයි. පෙර වසරේ සිදු වූ වැරැදි නිවැරදි කරගෙන තිබූ අඩු ලුහුඬුකම් මඟ...
2025-01-02 18:30:00
ජනවාරි 03 වැනිදා වනවිට රාජ්‍යකාරක රවි සහ ගුරු අතර ඇතිවන චතුරස්‍ර දෘෂ්ටිය මත කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ ගුරු දෙවැන්නාධිපති බැවින් මුදල් සම්බන්ධ නව...
2025-01-02 18:30:00
ජනවාරි මස 04 වැනිදා සෙනසුරාදා පෙ.ව. 7.10 සිට 10.52 දක්වා අති ප්‍රබල විෂ්ණු කාල යෝගයක් උදා වේ.පංච පක්ෂි නක්ෂත්ර ක්‍රමය තුළ කාල යෝග පහක් හඳුන්වා දී ඇත...
2024-12-26 18:30:00