මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 1,2,3 හිමි ඔබ ගැනයි...

දෙසැම්බර් 8, 2023

පෙබරවාරි 28, මාර්තු මාසයේ 1, 10, 19, දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

දියුණු මනසක් මෙන්ම අන්තර් ඥානමය හැකියාවක් සහිත පුද්ගලයෝ් මේ දිනවල උත්පත්තිය ලබති. එසේම ඉතාමත් ධෛර්යමත් සහ නිර්මාණශිලි කටයුතුවල නියැළෙන පුද්ගලයන් වන අතර උත්පත්තියෙන් ම ඉදිරියට යාමට අවස්ථාව හිමිකර ගනි. නමුත් වුවමනාවට වඩා ධනාත්මකව කටයුතු කිරීමෙන් දුෂ්කරතාවලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. එම නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතුය. හොඳ සංවිධාන ශක්තියක් මෙන්ම හොඳ නායකත්ව ගුණාංගත් ඔවුන් සතුවේ. යම් යම් ක්‍රියාමාර්ගයන්වලදි අපරික්ෂාකාරීව කටයුතු කිරීම මොවුන්ගේ ලක්ෂණයකි. එසේම කාටවත් සාමාන්‍ය ජීවිතයේදි දෙවැනිවීම ඔවුන්ගේ ස්වභාවය නොවේ. නිවස සහ නිවස සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් බොහෝ බැඳීම් සහිතව කටයුතු කිරීම මොවුන්ගේ ලක්ෂණයකි. මෙම දිනවල උපන් පුද්ගලයන් ආර්ථික වශයෙන් ඉතාමත් සාර්ථක වන අතර ඔවුන්ට පවතින අන්තර් ඥානමය හැකියාවක් මෙහිදී ප්‍රයෝජනය ගනී. නමුත් රැකියාවල වෙනස්වීම් නිරන්තරයෙන් මේ දිනවල උපන්නවුන්ට හිමි වේ. සෞඛ්‍ය තත්ත්වය උත්පත්තියෙන්ම යහපත් වේ. නමුත් නිරන්තරයෙන් වැඩ කිරීම නිසා සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීමට පැහැදිලි ඉඩකඩක් තිබේ. එම නිසා විවේකය සම්බන්ධව දෙසැරයක් සිතිය යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 1ට යෙදෙන දින එනම් 1,10, 19, 28 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන්,කහ,තඹ සහ රන් දුඹුරු පැහැයේ වර්ණයන් සුබ වර්ණ වේ.

මාර්තු මාසයේ 2, 11, 20, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ පැමිණීම නිසා කලාව සහ නිර්මාණකරණය පිළිබඳ හැකියාවන් සහිත පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබයි. එසේ වෙතත් මොවුන්ගේ ආත්ම විශ්වාසයේ දුර්වල කමක් දැකිය හැකිය. සෑම කටයුක්තක් සඳහාම බාහිර පාර්ශවයේ උදව් ලබා ගැනීම සඳහා මොවුන් පෙලඹේ. එමනිසා නිශ්චිත ඉලක්කවලට යාමට නම් තමන් විසින්ම ආත්ම විශ්වාසය ඇති කර ගත යුතුය. ජීවිතයේ මුල් කාලයේ දුෂ්කරතා ඇතිවිය හැකිය. එයට හේතුවන්නේ ජිවිතයේ මුල් කාලයේ ලෞකික දෙය මඟහැර සිටිමයි. මුදල් සම්බන්ධයෙන් හැඟීමක් මොවුනට නැත. මුදල් අවශ්‍ය වන්නේ අවශ්‍යතාවයට පමණක් බව මොවුන්ගේ විශ්වාසයයි. මුදල් ඕනෑම අවස්ථාවක උපයාගතහැකි බවට මොවුන්ගේ විශ්වාසයක් ඇත. එසේම ඔවුන්ගේ අදහස් හා සැලසුම් වුවමනාවට වඩා විශාල වීමත් ආර්ථික දුෂ්කරතා ඇතිවීම කෙරෙහි සෘජුවම බලපායි.

මේ දිනවල උපන්නවුන්ගේ සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. මානසිකව දුර්වල හෙයින් ඉක්මනින් රෝගාබාධයන්ට ගොදුරුවේ. රුධිරය සම්බන්ධ ගැටලු කොන්ද, කශේරුකාවල ආබාධයන් සහ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන් ඇතිවීමෙ වැඩි ඉඩකඩක් පවතී. එම නිසා හැකිතාක් මානසිකව සතුටින් සිටීම කායික රෝගවලින් මිදීමට හේතුවක් වනු ඇත.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 2 ට යෙදෙන දින එනම් 2,11, 20, 29 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. කොබෙයියාගේ අලු පැහැය ළා පැහැයේ සිට තද පැහැය තෙක් සුබ වර්ණ වේ.

මාර්තු මාසයේ 3, 12, 21, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. මොවුන් නායකත්ව ගූණාංගවලින් යුක්තය. එමෙන්ම හොඳ සංවිධාන ශක්තියක් ඔවුන් සතුය. එම නිසා පිරිස් පාලනය ඔවුන්ට සාර්ථකව කළ හැකිය. මනුෂ්‍ය වර්ගයාට යම් සේවයක් කිරීම මොවුන්ගේ මුලික අදහසයි. මොවුන් ප්‍රායෝගිකය. ඒ වගේම විඥානවාදි වේ. සමාජයේ ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වේ. එම නිසා සමාජය තුළදී මොවුන් කැපී පෙනේ. ඉඩම් වැඩි දියුණු කිරීම පතල් කර්මාන්ත ශාලා නාවික කටයුතුවල බොහෝදුරට ආර්ථිකමය වශයෙන් මොවුන් දැකිය හැකිය. කුමන ක්‍ෂේත්‍රයක සිටියද මොවුන් ක්‍රමයෙන් ඉහළට ගමන් කරනු ඇත.

ඉතා හොඳ ශාරිරික නීරෝගිතාවයකට හිමිකම් කියන නමුත් එක දිගට පැමිණෙන මානසික පීඩාවන් නිසා අංශභාගයට හෝ හෘද අශ්‍රිත රෝගාබාධයන්ට ලක්වීමේ ඉඩකඩක් තිබේ. එම නිසා මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විවාහය සාර්ථක නොවේ. මෙයට හේතු වන්නේ විවාහය තුළ ද දැඩි නීති පැනවීමයි. එම නිසා නම්‍යශීලිව කටයුතු කිරීම විවාහය සාර්ථක කර ගැනීමට හේතුවේ.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 3 දින එනම් 3, 12, 21,30 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. වයලට් වර්ණයේ ප්‍රභේද සහ වයලට් දම් පැහැය සුබ වර්ණ වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.